Sat. May 21st, 2022

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය හරහා බොහෝ දෙනාගේ හදවතට සමීප වුන අය රෙදි මෝල වත්තේ අයිරා. කෙසේ වෙතත් මේ චරිතයට බොහෝ දෙනෙක් ඇලුම් කළේ ඒ චරිතයට පණ පොවන විශිෂ්ට රංගන ශිල්පිනියක් නිසා. ඇය මේ චරිතයට පමණක් නොව ඇය කරන සෑම චරිතයකටම සාධාරණය ඉටු කරන රංගන ශිල්පිනියක්. ඇගේ රංගන කෞශල්‍යය ට උපමා කළ හැකි කිසිදු අයෙකු නැත. ඇය කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයෙන් ඉවත් වීමත් සමග බොහෝ දෙනා ඇය ගැන නැවතත් කතා කරන්න පටන් ගණන් තියෙනවා කෙසේ වෙතත් ඇය සිය ෆේස්බුක් පිටුවේ පළ කළේ ඇගේ පෞද්ගලික තීරණයක් මත එම චරිතයෙන් ඉවත් වූ බවයි. එම තීරණය ඇයට ගත යුතුව තිබුණ බවත් කිසිදු අයෙකුගේ බලපෑමක් මත එය සිදු නොවුන බවද ප්‍රකාශ කර තිබුණා.

නමුත් මේ කතා කරන්නේ සූදානම් වෙන්නේ ඇගේ ජීවිතය කවුරුත් නෑ නෑසූ කතාවක් ගැන. ඒ එක්තරා දික්කසාද නඩුවකින් විසඳුන ඇගේ ඉරණම ගැන.

එක පියෙකු තම බිරිඳට දරුවකු ලැබෙන්න ඉද්දි නක්ශාස්ත්‍රකරුවෙකුගෙන් නිමිත්තක් බලලා තිබුණා. ඒ නිමිත්තේ කියලා තිබුණේ ඔහුට පිරිමි දරුවකු උපදින බවයි. නමුත් ඒ සියලු දේ උඩුයටිකුරු කරමින් එම නැකතේදි උපත ලබන්නේ දියණියක්. ඉතින් මෙම පියා බලාපොරොත්තු වූ පුතෙකු නොලැබීම නිසා බරපතළ ගැටලුවක් බවට එය පත් කර ගත්තා. එම නිමිත්තේ දී පවසා තිබුණේ ගැහැණු දරුවකු උපත ලැබුවහොත් අනිවාර්යෙන් පියා මැරෙන බවත් එසේ නැති වුවහොත් මවුපියන් විරසක වන බවත්ය. මේ සියලු කාරණා නිසා මෙම පියා උපතේ සිටම තම දියණිය ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ වෙතත් ඔහු නිරන්තරයෙන් මවට පවසා සිටියේ එම දරුවා වෙන කෙනෙකුට හදාගන්න දෙන ලෙස ය. නැතහොත් පවුලෙන් ඈත් කරන ලෙසය. නමුත් මව තම දියණිය ඈත් කිරීමට හෝ වෙනත් අයෙකුට හදා හදාගැනීමට දීමට කැමැති වූයේ නැත. මේ ප්‍රශ්න හමුවේ දෙදෙනාම නීති මාර්ගයට එළැඹීමට තීරණය කළේය.

මේ ප්‍රශ්න සිදුවන කාලයේ මව පියා වෙන්ව ජීවත්වන අතර මවට නිරන්තරයෙන් පියා පියා බලපෑම් කළේ දියණිය ජීවිතක්ෂයට පත් කරන බවයි.මේ බලපෑම් නිසා ම මව නීතිය හමුවේ පිහිට පතනවා. කෙසේ වෙතත් ඒ කාලේ තිබූ නීතිය වන්නේ පුතෙකු නම් මවටත් දියණියක පියෙකුටත් අයිති වීමයි. මේ සියලු ප්‍රශ්න හමුවේ මව තම දියණිය වෙනුවෙන් සටන් කරනවා. කිසියම් නීති පනතක් විශ්ලේෂණය කරමින් මව තම දියණිය තමන්ගේ භාරයට ගන්නවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව හබයාස් කොපුස් රීට් ආඟදාවක් අනුව මවකට දියණියක් හිමි වු පළමු අවස්ථාව මෙය වෙනවා. මේ සියලු කාරණා හේතුවෙන් එම දියණියට මව ගේ වාස කම ලැබෙනවා.එය මාරපාන එදිරිව අභයකෝන් නඩුවයි.

අදටත් නීති විද්‍යාල වල දික්කසාද නඩු ගැන ගැන්වීමට භාවිතා කරන්නේ මෙම නඩුවයි. පියාගේ ආදරය ඇයට අහිමි වුවත් පියා ඇය ප්‍රතික්ෂේප කළත් අද වෙන විට මුළු රටක් ඇයට ආදරය කරනවා. දුලීකා මාරපන කියන්නේ ඇයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *