‘මම ඉපදිලා තියෙන්නේ කන්න’ තරුණයන් රැසක් වශීවුන සුදු චූටි

කලා පවුලකට උරුමකම් කියන පවුලකින් උපත ලබන ඇය සෙනාලි ෆොන්සේකා. අද අපි ඇය හා කතා කරන්න සුදානම් වෙන්නේ කලාව ගැන නම් නෙවෙයි. කෙසේ වෙතත් මේ දිනවල සෙනාලි කියන්නේ ජනප්‍රිය දක්ෂ නිහතමානී රංගන ශිල්පිනියක්. ගෙදර ඉද්දි නිවාඩු දවසට ඔබ ද ඉවුන් පිහුම් කටයුතු කරන්නේ, ”අපොයි ඔව්. මම තමයි නිවාඩු දවසට උයන පිහන වැඩ කරන්නේ. ඒ විතරක් නෙවෙයි ගෙදර දොරේ වැඩත් හොයලා බලලා කරනවා. තාත්තගේ වියෝවත් එක්ක අම්මයි මමයි ජීවිතේ වැඩකටයුතු බෙදාගෙන කරගෙන යනවා. මම ගෙදර ඉන්න දවසට එයාට විවේකයක් දෙන්න ඕන නිසාම මම හැම වැඩක්ම කරනවා.”

ඔබ හදන කෑම ගෙදර අය අගය කරනවා ද, ”ඔව් ඇත්තටම මම හදන කෑම ගෙදර අය අගය කරනවා. මගේ යාලුවෝ වුණත් මං හදන කෑම කන්නේ ඔයාට ඇත්තටම මෙච්චර රසට උයන්න පුලුවන්ද කියලා අහලා. මම කවදාවත් බෝනික්කෙක් විදියට ජීවත් වෙන්න හිතුවේ නැහැ. කුස්සිය පැත්ත පලාතේ යන්නේ නෑ කියන තැන මම හිටියේ නෑ. ඉස්සර ඉඳන්ම අම්මා තාත්තා මම හදන තේ එක පවා අගය කළා. සමහරවිට ඒ කියන ඒ තේ එක එතරම්ම රස නැතුව ඇති, හැබැයි එයාලා කියන ඒ වචනවලින් මම අලුත් උත්තේජනයක් ලබනවා. මම හිතන්නේ අපි කෙනෙක්ව අගය කරද්දී ඒ කෙනාට ඒකට ආසාවක් ඇතිවෙනවා.”

දියණියක් විදියට ඉවුම් පිහුම් දැන දැන ගෙන සිටීම අත්‍යවශ්‍ය වෙනවා ද, ”අනිවාර්යෙන්ම ඔව්. ඉස්සර මගේ අම්මා මට කියන්නේ උයන්න දන්නැත්තම් ගෙදර මනුස්සයට කන්න දෙන්න විදියක් නැති වෙයි කියලා. ඒක විහිළුවට කීවත් ඒ වචන ඇතුළු ලොකු අර්ථයක් ගැබ් වෙලා තිබුණා. මම එන්ගලන්තයේ හැදුණත් මම පවුලේ එකම දරුවා වුණත් මගේ අම්මා තාත්තා මාව හැදුවේ වගකීමක් ගන්න පුළුවන් දරුවෙක් විදිහට. යුතුකම් වගකීම් දන්නැති ළමයෙක් විදිහට එයාලා මාව සමාජයට එකතු කළේ නැහැ. එයාලට හැමවෙලාවකම ඕන වුනේ මම ශක්තිමත් දියණියක් විදියට සමාජයට එකතු කරන්න. මම හිතන්නේ අද ඒ දේ වෙලා තියෙනවා.”

පුංචි කාලේ ඉඳන්ම උයන්න ආස කෙනෙක් ද ඔබ, ”ඔව් මමපුංචි කාලෙ ඉඳන්ම ආසයි කෑම උයන්න. ඉස්සර මම පොඩි කාලේ වලං ඇතිලි අරගෙන කෑම හදනවා. මම හිතන්නේ උයනවා කියන එකත් කලාවක්. මම ආසයි ඒ කලාව තුළ ජීවත් වෙන්න. මම දන්න දේ රසට උයන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. උයන කොට පෝෂණය කියන දේ ගැනත් හිතනවා.”

උයන වෙලාවට කවුරු හරි ලඟ ඉන්නවට කැමතිද, ”ඇත්තටම මම කැමති තනියම උයන්න. මොකද මම ආස කෑමක් හදනතොට කවුරුහරි ළඟ ඉන්නව නම් මට ඒක කරදරයක් විදිහට තමයි දැනෙන්නේ. මම උයනවා කියන කාර්ය රඟපෑම වගේම ආසාවෙන් කරනවා. ඒ නිසා තනියම උයන්න තමයි කැමතියි.”

ඩයට් ගැන මොකද හිතන්නේ,සමහරු කෑම කන්නේ ජීවත් වෙන්න. ”හැබැයි මම ජීවත් වෙන්නේ කෑම කන්න. ඒ නිසා මම නොකා නොබී ඩයට් කරන කෙනෙක් නෙවෙයි. මම ආස කෑම මම ප්‍රමාණය අඩු කරල හරි කනවා. පෝෂණිය ආහාරත් ගන්නවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *