‘මම ඇඳුම් අඳින්නේ සීමාවක් යටතේ’ මලක් වගේ සුන්දර තරුෂි කියන කතාව

නිරූපණ ශිල්පිනියක් ලෙස කලාවට පිවිසෙන ඇය අද වන විට දක්ෂ රංගන ශිල්පිනියක්. සුන්දරත්වය නිසාම ජිවිතේ බොහෝ දේ ඇයට හිමි වෙද්දි ඇයට ⁣ලොකු දුරක් පැමිණෙන්න සුන්දරත්වය හේතුවක් වුනා. නමින් ඇය තරුෂි නෙත්මිනි. ඉතින් අද ලස්සන ගැන කතා කරන්න අපි තෝරගත්තේ ඇයව. 2018වසරේ මිස් ශ්‍රි ලංකා තරඟය ජයග්‍රාහණ කරන ඇය 2019 වසරේ Miss Global Beauty Queen තරඟය ජයග්‍රාහණ කරනවා. ඒ සමඟම ඇයට ජිවිතේ විවිධ වු මංමාවත් විවිර වෙනවා. මේ සියළු ජයග්‍රාහණ ඇයලබා ගත්තේ ඇය තුළ පවතින උත්සහය, කැපවිම, උනන්දුව වගේම රූපයේ සුන්දරත්වය හා වාසනාව කියන සියලු දේ බලපෑවා යනුවෙනුයි ඇය පැවසුවේ.

ඔබ සුන්දරයි කියලා ඔබට දැනුන දවස ගැන මතක් කලොත්, “පුංචි කාලේ ඉදන්ම අම්මා, තාත්තාකියනවා මම ලස්සනයි කියලා. ඒ නිසාම මම පොඩි කාලේ ඉදන්ම මම ලස්සනයි කියලා හිතුවා. ඒ වගේම මම ලස්සන නිසාම අම්මා තාත්තා ඒ ලස්සන පරිස්සම් කරන්න පොඩි කාලේ ඉදන්ම ස්වාභාවික දේවල් මට දෙනවා. මම කොහොමත් පොඩි කාලේ ඉදන් නිළියක් වෙන්න නිරූපණ ශිල්පිනියක් වෙන්න ආස කරපු කෙනෙක්. මොකද මම හිතුවා ඇත්තටම මම ලස්සනයි කියලා”

සුන්දරත්ය කියන දේ රැකගන්න ඔබ මොකද කරන්නේ, “මම හැමදාම උදේට ව්‍යායාම් කරනවා. ඒක මගේ ජිවිතේ පුරුද්දක් වෙලා. මම දෛනිකව අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන කෙනෙක්. මම මස් මාංශ ආහාරයට ගන්නේ නෑ. ඒ නිසා ඒ අඩුව මම ධාන්‍ය වලින් සපුරගන්න කෙනෙක්. දවල්ට මැල්ලුමක් අනිවාර්යයෙන් මම ආහාරයට ගන්නවා. රෑට කන්නේ අඩුවෙන්. සුප් එළවළු තම්බලා වගේ තමා ආහාරයට ගන්නේ. පළතුරු නිතරම ආහාරයට ගන්නවා මම. රෑට පළතුරු යුෂ විදුරුවක් හිතුනොත් බොනවා.”

විලාසිතා ගැන කතා කලොත්, “ඔව් මම ඇදුමක් අදින්නේ යම්කිසි සිමාවක් යටතේ. මොකද මම ගැළපෙන තැනට ගැළපෙන ඇදුම අදින කෙනෙක්. වෘත්තියේදි වුනත් මම විවිධ ඇදුම් අඳිනවා. හැබැයි ඒත් සිමාවක් යටතේ. මොකද ඕනවට වඩා වැඩි දේවල් කරන්න මම කැමති නෑ. කාන්තාවකගේ සුන්දරත්වය රැඳිලා තියෙන්නේ සරල චාම්බව මත කියලයි මම විශ්වාස කරන්නේ “

කාන්තාවක් විදිහට සුන්දරත්වය කියන දේ අත්‍යවශ්‍ය දෙයක්ද? “ඔව් ලස්සන කියන දේ කාන්තාවකට වැදගත්. ඒ ලස්සන බාහිර විතරක් වෙලා වැඩක් නෑ. අධ්‍යාත්මිකවත් ලස්සන වෙන්න ඕනි. සිතුවිලි ලස්සන වුනොත් ඇත්තටම අපි හැමදාම ලස්සනයි. මම එහෙමයි විස්වාස කරන්නේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *