මම ඇඟ පෙන ඇඳුම් අඳින්නේ නෑ ඒ මගේ හැටි – අනුරුද්ධිකා පාදුක්කගේ

පුංචි තිරයෙන් වගේම වේදිකාවෙනුත් කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ අහිංසක රංගන ශිල්පිනියක් තමයි අනුරුද්ධිකා පාදුක්කගේ කියන්නේ. ඉතින් අපි දැන් කතා කරන්න සුදානම් වෙන්නේ අනුරුද්ධිකා සමග. අනුරුද්ධිකා මොකද වෙන්නේ මේ දවස්වල කොහොමද වැඩ කටයුතු, ” මේ වස්වල නම් රටේ තත්වය එක්ක ටිකක් අපහසුවෙන් ඉන්නේ මොකද ප්‍රවාහන අපහසුතා නිසා රුගතකිරීම් ගොඩක් නතරවෙලා ඒ නිසා දැන් ඉතින් දරුවෝ එක්ක ගෙදරට වෙලා ළමයි එක්ක සතුටින් කාලය ගතකරනවා. ඉතින් ඒකත් ගොඩක් සුන්දර අත්දැකීමක් මොකද ළමයි ළඟ ඉන්න ලැබුන නැති අවස්ථාත් දැන් එයාලා ලඟම ඉන්න ලැබිලා තියෙනවා නේ”

අනුරුද්ධිකා විලාසිතා ගැන මොකද හිතන්නේ ”විලාසිතා කියපුගමන් මටනම් මතක්වෙන්නේ ඇඳුම් පැළඳුම් හැබැයි මෙහෙමයි ඇඳුම් පැළඳුම් ඇතුලේ අපට ආවේනික ගොඩක් දේවල් තියෙනවා, අපි ආසදෙවල් වගේම අපේ සංස්කෘතිය රැකෙන දේවල් අපි කරන්න ඕන, මම නම් මගේ විලාසිතා ගැන ගොඩක්ම හිතනවා, විශේෂයෙන්ම මම අඳින ඇඳුම මගේ ශරීරයට පහසු ඇඳුමක් වෙන්න ඕන ඒ වගේම හමේ පාටට ගැලපෙන්න ඕන ඒ වගේම සරල වෙන්නේ ඕන”

ඇඳුමකින් කෙනෙක් මනින්න පුලුවන්ද ? ”මම හිතනවා යම්තාක් දුරකට එහෙම වෙන්න පුළුවන් කියලා. මොකද මුලින්ම අපිව දකිනකොට මුලින්ම පෙන්නේ අපේ ඇඳුම ඉතින් ඒ දේවල් වලින් තමයි අපි හන මුල්ම චිත්තරූපය ගොඩ නැගෙන්නේ. අපේ පෞරුෂත්වය ගොඩනැගෙන්නෙත් ඒ මත. ඉතින් ඒ නිසා මම මගේ විලාසිතා ගැන ගොඩක්ම හිතනවා, ඒ වගේම තමයි මම මගේ ඇඟ පේන ඇඳුම් අඳින්නේ නෑ. ඒ මගේ හැටි”

Related Posts

Leave a Reply

Your email address will not be published.