Sat. May 21st, 2022

මෙගා නාට්‍ය කලාවෙන් බිහිවන තරු කලකදි පැමිණ කලකදි නැතිවෙලා යනවා. නමුත් දෙරණ නාලිකාවේ විකාශය වන දෙවනි ඉනිම ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතරට පත්වූ චරිත බොහෝ දෙනකුගේ හදවතේ රැදි තියෙනවා. එවන් චරිත ගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. ඇය ඒ නව පරපුරේ යොවුන් රංගන ශිල්පිනියක්. සුන්දරත්වය වගේම දක්ෂතාවයද කැටි කර ගත් ඇය බොහෝ දෙනෙකුගේ ආදරය ද මේ වන වට දිනා ගෙන අවසන්. නමින් නෙත්මි රොෂෙල්. ඇය හමුවන ඕන කෙනෙක් නිරන්තරයෙන්ම රංගනය ගැන කතා කරද්දි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඇගේ පෞද්ගලික ජීවිතය ගැන.

රොෂෙල්ට පුංචිම කාලෙට යන්න ලැබුනොත් කොයි වගේ කාලයට ද යන්නේ, මගේ ජීවිතයේ මට ආපස්සට හැරිලා මගේ පොඩි කාලෙට යන්න තියෙනවා නම් මම යන්නේ මොන්ටිසෝරි කාලේ ඉඳලා 5 වසර ඉගෙන ගන්න තුරු මගේ ගෙවුණ කාලයට. ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි. ජීවිතය තුළ අද වෙනකම් මම දිනන්න ඕන කාලෙදි හැමදේම දිනාගත්තා. මොන්ටිසෝරි යන කාලයේ ජීවිතය ගැන වගකීමක් බර පතලක් අපිට නැහැ. මම කොහොමත් පවුලේ අයගේ වැඩිපුර අවධානය දිනා ගන්න කැමති කෙනෙක්. ගෙදර අයගේ ආදරය අවධානය හැමදේම හැම මොහොතකම මට ඕනෙ වුනා. ඉතින් ඒ නිසාම මම නිරන්තරයෙන් එයාලගේ ආදරය හොයන්න පුරුදු වුණ කෙනෙක්. පුංචි කාලේ වුණත් එහෙමයි.

ඔබේ යාලු මිතුරන් හමු වුනහම වැඩිපුරම කතා කරන්නේ මොනවා ගැනද, ඇත්තටම අපේ යාලුවෝ හමු වුනහම අපිට කතා කරන්න එක මාතෘකාවක් කියලා නැහැ. සමහර වෙලාවට මම ගෙදරින් යන්නේ පැයකට යාළුවෝ හමු වෙලා එන්නම් කියලා. හැබැයි අලුත් එක කාලය ගත කරන කොටේ ගත කරනකොට පැයක් ද දෙකක් ද කියලා කාලය යනවා තේරෙන්නේ නැහැ. පැය ගණන් අපි එක දිගට කතා කරනවා. විශේෂ මාතෘකාවක් කියලා එක මාතෘකාවක් ගැන අපි කතා කරන්නේ නැහැ. අදටත් මගේ හොඳම යාළුවෝ මගේ පාසල් කාලේ යාලුවෝ. මළගෙදරක හමු වුනත් අපේ යාළුවෝ සෙට් එක කරන්නෙම කියවන එක.

රොෂෙල් කියන්නේ සුරතල් සතුන් ඇති කරන කෙනෙක් නේද, ඇත්තටම ඔව්. අපේ ගෙදර වෙලාවකට සත්තු වත්තක් වගේ. මට බල්ලෝ හත්දෙනෙක් ඉන්නවා. පුසෝ හතර දෙනෙක් ඉන්නවා. මගේ කාලේ මම වැඩිපුරම වැයකරන්න කැමති එයාලත් එක්ක. එයාලගේ වැඩ කරද්දි මට දවස ගෙවනවා වත් තේරුම් යන්නේ නැහැ. මම ආසයි කාගෙන් හරි මට තෑග්ගක් විදිහට සුරතල් සතුන් ලැබෙනවා නම්. එහෙම තෑගිත් මට ලැබිලා තියෙනවා. මම ඇත්තටම සත්තුන්ට ගොඩක් ආදරෙයි. ඒ නිසා මෙයාලව ආදරෙන් බලාගෙන ඉන්නවා.

ඔහු ලංකාවේ යන්න ආස තැන වගේම ඔබ ජීවත් වෙන්න ආස විදිය කොහොමද, මම ලංකාවේ යන්න ආසම තැන නුවරඑළිය. එහේ තියෙන සීතලට මම ගොඩක් කැමතියි. හැබැයි මම කැමතියි වාහනයකින් ගිහින් බලන්න නෙවෙයි. පයින් යන ගමන් ඒ පරිසරයේ සුන්දරත්වය විඳින්නයි මම කැමතියි. මට අවස්ථාව තියෙනවානම් නුවරඑළියේ පදිංචි වෙන්න වුණත් මම කැමතියි. ඒ තරමට මම නුවරඑළියේ නතර වෙන්න කැමතියි. මම ජීවත් වෙන්න කැමති මගේ පවුලේ අයත් එක්ක. කාටවත් නපුරු නොවී ජීවත් වෙන්නයි මම ආස. කොහොම වුණත් සරල කෙනෙක් විදිහට ජීවත් වෙන එක හරි ලේසියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *