Fri. Jan 28th, 2022

මෑත කාලයේ තරුණ තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස නෙත්මි රොෂෙල් හඳුන්වන්න පුළුවන්. මෙගා නාට්‍ය කලාවේ පෙරළියක් ඇති කළ දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය හරහා වඩා වඩාත් ජනප්‍රියත්වයක් හිමි කර ගත්ත ඇය සුන්දර රුවකට ද හිමිකම් කියනවා. ඉතින් අපි අද සූදානම් වෙන්නේ ඇයි ගැන කතා කරන්නයි.

ඇත්තටම රොෂෙල් යාලුවෝ මුණගැහුණාම මොනවද කතා කරන්නේ, ”මටනම් යාලුවෝ මුණගැහුනම විශේෂ මාතෘකාවක් නෑ කතා කරන්න. මම මට ලැබෙන හැම වෙලාවකම යාළුවොත් එක්ක තමයි ඉන්නේ. අපි පැය ගණන් කතා කරනවා. මළ ගෙදරක දාන ගෙදරක බණ ගෙදර එක හම්බ උනත් අපි කරන්නේ කතා කරන එක. මගේ ජීවිතේ හොදම යාළුවො තුන් දෙනෙක් ඉන්නවා. තව හොඳ යාළුවෝ ඉන්නවා හැබැයි අර තුන්දෙනාව තමා වැඩියම ආශ්‍රය කරන්නේ. පාසල් කාලේ යාලුවෝ තමයි මගේ හොඳම යාළුවෝ වෙලා ඉන්නේ. මට කැම්පස් එකේත් හොඳ යාළුවො ඉන්නවා.”

රොෂෙල් ජීවිතය ගෙවන්න කැමති කොහොමද, ”මම අඬන්න ආස නෑ. මගේ ජීවිතයේ මුල් තැන මගේ පවුල. ඉතින් ඒ නිසාම මම පවුලේ අය ඉන්න තැනක ජීවත් වෙන්න කැමතියි. මම කාටවත් නපුරුකම් කරන කෙනෙක් නෙවෙයි. බොහොම සරලව ජීවත් වෙන්න කැමතියි මම. ගොඩක් අය මාව ආශ්‍රය කරද්දි තේරුම් ගන්නවා මම ගොඩක් නිහතමානී කෙනෙක් කියලා. කොහොම උනත් මම සතුටින් ජීවත් වෙන්න කැමැති කෙනෙක්.”

ලංකාවේ යන්න ආස තැනක් තියෙනවද, ”මම නුවරඑළියේ යන්න ආසයි.මොකද එහෙ දේශගුණය හරි වෙනස්. එහේ ලස්සන විඳින්න එහෙ යන්නම ඕනේ. මම නුවරඑළියේ නතර වෙන්න වුණත් ආසයි. නුවරඑළියේ දේශගුණයත් එක්ක ෆොටෝ ගහන්න වත් වෙලාවක් නෑ. මොකද හදවතින්ම ඒ සුන්දරත්වය විඳින්න ඕන.”

පොඩි කාලේ ආසකරපු සෙල්ලමක් එහෙම තියෙනවද, ”පොඩි කාලේ ඉඳලා මම බට්ට පනින සෙල්ලමට හරි ආසයි. සෙල්ලම් කරන්න ගොඩක් අය එකතු වුනොත් අපි ටින් කඩන සෙල්ලම කරනවා. ගොඩක් වෙලාවට මම නංගි එක්ක තමයි බට්ට පනින සෙල්ලම කරන්නේ.”

ඔබ සත්තු ඇති කරන්න ආස කෙනෙක් නේද, ”ඇත්තටම මම සුරතල් සතුන් මට තෑගි විදිහට ලැබෙනවා නම් ආස කෙනෙක්. මොකද අපේ ගෙදර සත්තු ගොඩක් ඉන්නවා. මම වැඩ ප්‍රාර්ථනා කරන විදිහට මට ඒ විදිහට තෑගි වුණත් ලැබිලා තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *