මම ආයේ විවාහ වෙන්නේ නෑ පුළුවන් විදියට ළමයි හොඳට හදාගෙන ජීවත් වෙනවා – ඕෂදී හේවාමද්දුමගේ විවාහය දෙදරයි..?

ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් දේශපාලනය සමග සම්බන්දවෙලා මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගන්නේ ඇයයි, ඕෂදී දැන් ඔයාව කළා ලෝකය හරහා වැඩිය පේන්න නෑ, ඉතින් දේශපාලනය නිසා රංගනයට සමු දීලද..? ”මෙහමයි මම රංගන වාරණය කරලා නෑ, හැබැයි සමාජ සත්කාර වැඩ එක්ක තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ, කොහොම වුනත් මම රංගනයට සමු දීලා නෑ, මට හොඳ නිර්මාණයක් ලැබුනොත් මම බාරනොගෙන ඉන්නේ නෑ”

දැන් රංගනයට එකතුවෙන අලුත් පරම්පරාව ගැන මොකද හිතෙන්නේ..? ”මම මේ ක්‍ෂේත්‍රයට ආව කාලේ මමත් නවකයෙක්, ඉතින් මට මේ ක්‍ෂේත්‍රයේ ඉදිරියට එන්න ප්‍රවීනයන් ගොඩක් උදවු කළා, දැන් නම් ප්‍රසිද්ද වෙන්න රැල්ලක් තියෙන්නේ, කැමරාවක් ඉස්සරහා හැරෙන්නවත් දන්නේ නැති අය මේ ක්‍ෂේත්‍රයට ඇවිල්ලා, ඉතින් මම කියන්නේ රංගනය ගැන පොඩි දෙයක් හරි ඉගනගෙන මේ ක්‍ෂේත්‍රයට එනවනම් තමයි හොඳ, හැබැයි ඉතින් නළු නිලියෝ මුවාවෙන් වෙන වෙන දේවල් කරලා සල්ලි හොයන්න නම් මේ ක්‍ෂේත්‍රයට ඇවිත් මේ නම ක්‍ෂේත්‍රයේ නම කැත කරන්න එපා”

ඕෂධී ජීවිතේ මුල්තැන දෙන්නේ මොනවටද..? මම මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන්නේ මගේ පවුලට, අනිත් හැම දෙයක්ම කරන්නේ සීමාවක් ඇතුලේ, මම පවුලේ හැම වැඩක්ම හොයලා බලනවා, හැබැයි මම මගේ අනිත් දේවල් නතර කරන්නේ නෑ, හැමදේම සමබරව කරගෙන යනවා, මොකද ජීවිතේ කියන්නේ විනෝදෙන් ගෙවන්න ඕන දෙයක්, අනවශ්‍ය විදියට හැමදේම බදාගෙන වැඩ කරන්නේ නෑ,”

කළා ලෝකයේ ගොඩක් රංගන ශිල්පිනියන්ගේ විවාහ ජීවිත වැඩිය සාර්ථක නෑ, ඉතින් ඔයාටත් දෙවෙනි විවාහයකට යන්න ලැබුනොත් මොකද කරන්නේ ”මේකයි ඕක ආසියානු රටවල්වල තියෙන ප්‍රශ්නයක්, මම හිතන විදියට දරුවෙක්ට තාත්තට වඩා වැදගත් වෙන්නේ අම්මා, මෙහෙමයි තාත්තා ඕන නැතුව නෙවෙයි තාත්තා කෙනෙක්ට අමාරුයි අම්මා තාත්තා දෙන්නම වෙන්න, හැබැයි අම්මා කෙනෙක්ට පුළුවන් ඒ දෙකම කරන්න, කාන්තාවක් තවත් විවාහයකට යද්දී දරුවන්ට ගොඩක් ප්‍රශ්න එනවා සමාජීය වශයෙන් වගේම මානසික වශයෙන් එයාලට ඒවා බලපානවා, දෙවෙනි විවාහයකට යන්න දෙතුන් වතාවක් නෙවෙයි සිය දහස් වතාවක් හිතන්න ඕන”

ඔබේ සැමියා ඔයාව අත්හැරලා වෙන කෙනෙක් ලඟට ගියොත් මොකද කරන්නේ ”ඇත්තම කියනවනම් මම ටිකක් ආත්මාර්ථකාමී මට මොනවා හරි වුනොත් ඔයා ළමයි හොඳට හදාගන්න හැබැයි ආයේ විවාහ වෙන්නනම් එපා හොල්මනක් හරි වෙලා මම එනවා කියල තියෙන්නේ එයාට, ඇත්තටම මම තනිවුනොත් මම ආයේ විවාහ වෙන්නේ නෑ, මම හිත හයිය කාන්තාවක්, මට පුළුවන් ළමයි හදාගෙන සතුටින් ඉන්න”

Related Posts