Sat. May 21st, 2022

කළා ලෝකයේ හැමෝම ආදරේ කරන සුන්දර රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. පසුව ඇය දේශපාලනයට සම්බන්ද වෙනවා කොහොම වුනත් මේ වනවිට ඇය සියලු දේශපාලන රාජකාරීන්ගෙන් ඈත් වෙලා කලාවට පමණක් මුල්තැන දෙමින් කටයුතු කරනවා. ඉතින් අපි හිතුවා හැමෝගෙම ආදරේ කරන උපේක්ෂා එක්ක ටිකක් කතා කරන්න, උපේක්ෂා කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ”දැන් ඉතින් විශේෂ වැඩක් කියලා නෑ. දුවත් එක්ක කාලය ගත කරනවා. ඒ වගේම ටෙලිනාට්‍ය කිහිපයක් බාරගත්තා අලුත් ගීතයකට රූප රචනාවක් කළා. ඒ වගේම තව පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා”

ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ව හිටියා නමුත් ඔබට කලාව තරම් දේශපාලනය හරි ගියේ නෑ නේද ? ”ඇත්තටම එතන මට වැරදුනා, කිසිම දේශපාලන දැනුමක් නැතුව තමයි මම දේශපාලනේට ආවේ, දෙරණ 360 වැඩසටහනින් මිනිස්සු ඒක දැනගත්තා හැමදෙයකම දෙපැත්තක් තියෙනවා, ඒ වැඩසටහන තුලින් මට හානියක් වුණා වගේම හොඳකුත් සිද්ධ වුණා. මිනිස්සු මම කවුද, මගේ දේශපාලන පසුබිම මොකක්ද කියන එක දැනගත්තා ඉතින් ඒ සිදුවීම පිලිබඳ මට කිසිම කනගාටුවක් නෑ.”

ඒ කියන්නේ ආයේ දේශපාලනේ කරන්නේ නැද්ද? ”අපෝ නෑ. මොකටද දේශපාලනේ කරන්න ගිහින් මේ තියෙන පොඩි ජනප්‍රියත්වය හරි නැති කරගන්නේ. හැබැයි මම ආයේ කීයටවත් දේශපාලනය වෙනුවෙන් කඩේ යන්නේ නෑ. මම දැන් මගේ කාලය යොදවලා තියෙන්නේ දුවට සහ කළා නිර්මාණ වලට. දේශපාලනය කරන්න ගිහිල්ලත් මට මගේ කලා කටයුතු මග හැරුණා. ඇත්තටම ඒක මට ලොකු පාඩුවක්”

ඔබ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ ”ඇත්තම කියනවනම් ගොඩක්ම සතුටුයි. මගේ ජීවිතේ හොඳ සහ නරක කියන දෙකම තියෙනවා. මම දික්කසාද වෙච්ච කෙනෙක්, හැබැයි එහෙමයි කියලා මට පසුතැවි තැවී ජීවත් වෙන්න මට පුළුවන්කමක් නැහැ. මම පාඩම් ඉගෙන ගෙන තියෙනවා එදා ගත්ත මෝඩ තීරණ අද ගන්නේ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *