‘මම ආදරේ කරපු කිසිම කෙනෙක් මට ආදරේ කලේ නෑ’ පාරදිගේ බණ්ඩා කියන කතාව

කුසල් මධුරංග කියන නමට වඩා අද⁣ බොහෝ දෙනෙක් ඔබව දන්නේ බන්ඩා විදිහට. මේ දිනවල ස්වර්වාහිනියේ විකාශය වෙන පාර දිගේ ටෙලිනාට්‍යයේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් ගැන කතා කරන්නයි මේ සූදානම. කසුන්ගේ උපන්ගම නාවලපිටිය ඒ වගේම පවුලේ එකම දරුවා විදිහටයි කසුන් හැදි වැඩෙන්නේ. පවුලේ එකම දරුවා නිසා දෙමාපිය ආදරේ පවා ඔහුට නොඅඩුව ලැබෙනවා.

ඉතින් කසුන් පොඩි කාලේ හිතුවද කවදාහරි නළුවෙක් වෙනවා කියලා. “ඇත්තම කතාව මට කවදාවත් හිතිලා නෑ මම ලොකු වුනහම මේ වගේ කෙනෙක් වෙනවා කියලා. හැබැයි මම පාසල් වේදිකාවෙන් බිහිවුන කෙනෙක්. මොකද සමහර තැන්වලදි ඒ ලබපු අත්දැකිම් කියලා ඉවර කරන්න බෑ. 2010 සමස්ත ලංකා තරඟයේ හොදම නළුවා මට සම්මානය ලැබුනා. මගේ පාසල් කාලේ මගේ ගුරුවරයා තමා මාව මේ තැනට ගේන්න මඟ හැදුවේ. මගේ තිබුන හැකියාව එතුමා ඔප දැම්මා. ඔහු නිසාම මට නාට්‍ය ගැන ඉගෙන ගන්න නළුවෙක් වෙන්න ඕනි වුනා.2013/2014 හොදම සහය නළුවා සම්මානය මට ලැබෙනවා. ඉතින් එහෙම තමා මගේ කලා ජිවිතය මම ආරම්භ කරන්නේ”

පාරදිගේ බන්ඩා කියන චරිතට ගැන කතා කලොත්, “ඒ චරිතය නිසා ගොඩක් අය අතරේ අද මම ජනප්‍රිය වෙලා.⁣ සමහරු ඇත්තටම මට කතා කරන්නේ බන්ඩා කියලා. බන්ඩා කියන කෙනාව නිර්මාණය කරන්නේ පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා. ඊට අමතරව මමත් බන්ඩාට ආවේණික ලක්ෂණ ටිකක් අදුර ගන්නවා. හැබැයි බන්ඩා කියන හැම වචනයක්ම සද්ධා මංගල සුරියබණ්ඩාර මහතාගේ. බන්ඩා ඇවිදින විදිහ කතා කරන විදිහ මේ දේවල් මට වෙනම ඉගෙන ගන්නා වුනා. ඒ මොන දේ වුනත් ඒ චරිතය වෙනුවෙන් ප්‍රේක්ෂකන්ගෙන් ලැබෙන ආදරය ගැන මට ගොඩක් සතුටුයි.”

ප්‍රථම ප්‍රේමයත් කුසල්⁣ගේ දැන් ප්‍රේමයත් ගැන කතා කලොත්, “මුලින්ම කියන්නම් මම ප්‍රේමවන්තයෙක් ⁣නෙවෙයි. සමහර තැන් වලදි මම ආදරේ කරපු අය මට ආදරේ කලේ නෑ. මට ආදරේ කරපු අයට මම ආදරේ කලේ නෑ. එහෙම බලද්දි විරහව, අහිමිවිම වගේ දේවල් ප්‍රේමයට අයිති දේවල්. අයිති ⁣කරගන්න ප්‍රේමයට වඩා හිතේ තියෙන ආදරය රසවත් කියලයි මම හිතන්නේ. මට ඇත්තටම පාසල් ප්‍රේමයක් තිබිලා නෑ. ප්‍රථම ප්‍රේමය මගේ හිතේම ඇති වෙලා නැති වෙලා ගියපු දෙයක්.”

ඔබ ආව ගමන ගැන කතා කලොත්, ” මම මේ ආව ගමන දුෂ්කරයි. ලොකු කට්ටක් කාලා තමා මම මේ තැනට එන්නේ. වේදිකා පරිපාලන ශිල්පියෙක් විදිහට මම ගොඩක් කාලයක් සේවය කලා. තිරය පිටපුස ඉදන් හැමදේම බලන් හිටපු කාලයක් තිබුනා. මේ හැමදේම එක්ක මම ජිවිතේට ලොකු පන්නරයක් ගත්තා. ඉතින් දුෂ්කර ගමනක් ආව මම අද සතුටක් ලබනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *