Sat. May 21st, 2022

නිරෝෂා විරාජිනි කියන්නේ රටක් ලෝකයක් දන්න දක්ෂ ගායිකාවක්. ඇගේ හඬට සමකළ හැකි හඬක් මේ වනතුරුත් බිහිවී නැත. ලයාන්විත කට හඬකට හිමිකම් කියන ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. දමිළ සිංහල ඕනම ගීතයකට අපූරු රසයක් එකතු කරන්න ඇයට පුළුවන්. මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන හිරු ස්ටාර් තුළින් ද ඇයව දැක ගැනීමට පුළුවන්. ඇත්තටම නිරෝෂා බොහෝ කාලයක් රියලිටි වලින් දකින්න ලැබෙනවා නේද, ඔව් රියලිටි කියන්නේ මට අලුත් දෙයක් නෙවේ. සිරස ප්‍රථම රියැලිටි වැඩ සටහන ආරම්භ කරද්දිත් මම විනිසුරුවරියක් විදිහට කටයුතු කළා. පහුගිය කොරෝනි වසංගතයත් එක්ක බොහෝ දෙනකුට රියලිටි නිසාම මාව දැකගන්න පුලුවන් වුණා. මොකද ඒ කාලය තුළ අලුත් ගීත නිර්මාණය තුළින් අපිට ප්‍රේක්ෂකයන් හමුවට එන්න විදිහක් තිබුණෙ නැහැ. හැබැයි රියලිටි ෂෝ සින්දු කියන දෙක දෙකක්.මේ දෙක එකට පටලවා ගන්නේ නැහැ මම.

ඔබට හරි සුන්දර ප්‍රේම කතාවක් තිබුණා නේද, ඔව් මගේ පලමු ප්‍රේමය හරිම සුන්දරයි. ඔහු දමිළ තරුණයෙක්. හැබැයි මම ඔහුට ගොඩක් ආදරේ කළා. අපි අතර තිබුන ප්‍රේමය විශ්වාසය එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් අනෙකාව තේරුම් ගැනීම ආදී බොහෝ දේ වලින් සම්පූර්ණ ආදරයක්. ඒක බොහොම පිවිතුරු ප්‍රේමයක්. ඔහු ආදරය කළේ නිරෝෂා විරාජිනී කියන ගායිකාවකට නෙමෙයි. ඔහු ආදරය කළේ සැබෑ ලෝකේ නිරෝෂා කියන ගැහැනියට ඒ නිසාම වෙන්න ඇති ඒ ආදරය අදටත් හදවතෙන් පවිත්‍රව තියෙනවා. මගේ ජීවිතයේ ගොඩක් තැන්වලදී මට ඉස්සරහට යන්න ඔහු උදව් කළා. කොහොම වුණත් අපේ ආදරයට අපේ ගෙවල් වලින් කැමැත්ත ලැබුණේ නැහැ. මම සිංහල ඔහු දමිළ නිසාම අපේ මවුපියන් මේකට කැමති වුණේ නැහැ. ඒ කාලේ යුද්ධයත් තිබුන නිසාම තදින්ම මට ගෙදරින් විරෝධය එල්ල වුණා. එදා මට මම ගෙදර ලොකු දුව විදිහට ඔහුගේ ආදරේට පිටු පාන්න සිද්ද වුණා. හැබැයි අද වගේ කාලයක් තිබුණ නම් මම ඔහුව විවාහ කරගන්නවා .

බොහෝ පිරිමින් අදත් ඔබේ හඬට වශි වි ඔබට පෙම් කරනවා නේද, ඔව් අදටත් ඒ ආදරේ වෙනසක් නැහැ. මට ගොඩක් රසිකයෝ ඉන්නවා. හැබැයි මම මගේ අනන්‍යතාවය තියාගෙන තමයි රසිකයින් අතර ජීවත් වෙන්නේ. මම කිසිදු දෙයක් පටලවගන්න කෙනෙක් නෙවෙයි. එහෙම පටලවා ගත්ත නම් මෙහෙම ගමනක් එන්න ලේසි වෙන්නේ නැහැ. රසිකයන් සමඟ ඇසුරේදී කලාකරුවන් වශයෙන් අපි බොහොම සැලකිලිමත් විය යුතුයි.

ඔබට විවාහය හිමි නැතැයි කියූ කතාව සැබෑවක් ද, ඔව් මම යම් තැනකදි එහෙම ප්‍රකාශයක් කලා. මම හැමදාමත් හෙව්වේ මගේ හඬට ආදරය කරන කෙනෙක් නෙවෙයි. මගේ ඇතුළත ජීවත්වෙන ස්වාධීන ගැහැනියට ආදරය කරන කෙනෙක්. මට ඕන හරි කලාත්මක ආදරයක්. සමහර වෙලාවට ඒක නවල් වල තියෙන අතර කතාවක් වගේ. මට ඒ ආදරේ ලැබුනෙ මගේ පළවෙනි ප්‍රේමයෙන් විතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *