Sat. May 21st, 2022

2019 දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළු දැරූ ඇය නවක රංගන ශිල්පිනියක්. නමින් ඇය දමිත්‍රි සුබසිංහ. බොහොම සරළ සුන්දර තරුණියක් වෙන ඇය ගැනයි මේ කතාව. පවුලේ එකම දරුවා වෙන ඇය දැනට වාණිජ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. ඇය පවසන ආකාරයට ඇය රංගනයට පිවිසෙන්නේ හරිම අහම්බයෙන්. ඒ ගැන තව දුරටත් ඇය විස්තර කලේ මෙහෙම “ම⁣ට රංගන ශිල්පිනියක් වෙන්න මුලික හේතුව වුනේ දෙරණ අවුරුදු කුමරිය. මුලින්ම මට රංගනයට ආරාධනා ලැ⁣බුනේ නොනිමි ටෙලිනාට්‍යයට. ඊට පස්සේ පාවෙලා වළා කුලේ ඒවිද අම්මා සහ දැනට රඟපාන ඉස්කෝලේ ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුනා.”

මෙපමණ කාලේකට රඟ පෑ චරිත අතරින් ඔබ වඩාත් කැමති චරිතය ගැන කතා කලොත්, “මම ආසම මම කැමතිම චරිතය තමා මේ දිනවල ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ විහාරා ටිචර්ගේ චරිතය. මොකද ඒ චරිත ලක්ෂණ සියල්ලක්ම වගේ මගේ සැබෑ ජිවිතයට සම්බන්ධයි. ඒ නිසාම ඒ චරිතය මට ගොඩක් ළඟයි කියලා දැනෙනවා.”

ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන කතා කලොත්, “මට ගොඩක් දුරට රසික ආදරේ ලැබෙනවා. මම පාරෙ යද්දි විහාරා ටිචර් කියලා සමහරු කතා කරනවා. කලාකරුවෙක් විදිහට මම හිතන්නේ එහෙම ආදරයක් ලබන්න මම ගොඩක් වාසනාවන්තයි කියලා. මොකද කලාවේ පැවැත්ම සදහා රසික ආදරය කියන දේ ගොඩක් වැදගත් වෙනවා. අනික මම කේෂ්ත්‍රයට ඇවිත් පොඩි කාලයක් තුළ මට ලොකු රසික ආදරයක් ලැබෙනවා.”

ජිවිතේ හොද වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා නේද, ඒ ගැන ඔබ හිතන්නේ කොහොමද ? “ඒක එක එක අය දකින විදිහ. මොකද මගෙ රංගනයට කැමති අය වගේම අකමැති අයත් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අකමැති අය මාව විවේචනය කරනවනම් ඒ දේවල් ඇතුලෙත් මට ගන්න පුළුවන් දෙයක් තියෙනවනම් මම ගන්නවා. මොකද ඒක එක එක කෙනාගේ අයිතියක් විදිහයි මම දකින්නේ.”

ඔබේ පෙම්වතා ගැනත් කියමු, “මට පෙම්වන්තයෙක් ඉන්නවා. ඔහු කලාවට සම්බන්ධ කෙනෙක්නම් නෙවෙයි. එයා බැංකු කේෂ්ත්‍රයේ කෙනෙක්. තව අවුරුදු දෙකකින් අපි විවාහ වෙන්න තමා ඉන්නේ. මමත් කලින් වැඩ කලේ බැංකුවක ඒ කාලේ තමයි මේ සම්බන්දය ඇතිවුනේ දන් අපි ගොඩක් ආදරෙන් ඉන්නවා “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *