මම අමායටයි සමිතටයි දෙන්නටම පන වගේ ආදරෙයි ඒ තමයි මගේ ලෝකේ – අතුල අධිකාරි

අපේ ගායන ක්‍ෂේත්‍රයේ ඉන්න දක්ෂම වගේම හැමෝගෙම ආදරය දිනාගන්න සමත්වෙලා ඉන්න ගායකයෙක් තමයි අතුල අධිකාරි කියන්නේ, ඉතින් අපි අතුල අධිකාරි සමගයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ, අතුල ඔයා ගොඩක් සමීප කීබෝර්ඩ් එකට, හැබැයි අපි දකිනවා ඔබ ගායනය කරන අවස්ථාවල බාවිතා කරන්නේ ගිටාර් එක, ඇයි ඒ ”මම සාමාන්යෙන් ඒ කාලේ ඉඳලම ගිටාර් ප්ලේ කරනවා, 2017 වසරේදී තමයි ගිටාර් ගහන ආසාවක් ආවේ, ඒ නිසා මම ඒ කාලේ ගිටාර් ගහන්න පුරුදු වුනා අනික ඒක එහෙ මෙහෙ අරන් යන්නත් පහසුයි නේ,”

දැන් ඔබ නළුවෙක් ඉතින් තව චරිතයක් ලැබුනොත් බාරගන්නවද..? ”මෙහෙමයි රඟපෑම කියන්නේ ගායනයට වැඩිය කාලය ගතවෙන වැඩක් ඉතින් මම රංගන තෝරාගන්නේ හරිම අඩුවෙන් මොකද මම ගායන ශිල්පියෙක්, ඉතින් මම මුලිකත්වය දෙන්නේ ගායනය කියන අංශයට, අනිත් කාරණය මට රඟපෑම ටිකක් අපහසුයි, ඇත්තම කියනවනම් මට දිගටම රඟපාන්න ආසාවක් නෑ, හැබැයි මම රංගනය අත්හරින්නෙම නෑ රංගනයේත් නියැලෙනවා,”

අතුල ඔයාගේ රසිකයින්ට මොකද කියන්න හිතෙන්නේ ”මම අවුරුදු හතළිහකට වැඩි කාලයක් මේ ශේත්‍රයේ ඉන්නවා, අදටත් මගේ සින්දු ඉල්ලන විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා, ඒ වගේම මම කරන හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳ ගන්නවා, සංගීතය තමයි මගේ ජීවිතය, මම වෙන ව්‍යාපාර මොනවත් කරන්නේ නෑ, ඉතින් අද මම මේ වගේ තැනක ඉන්නේ මගේ ආදරණීය රසික රසිකාවියන් නිසා, ඉතින් මම ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා”

අතුල ඇත්තටම ආගමට දහමට ලැදි කෙනෙක්ද..? ”මෙහෙමයි මම පන්සලකට ගියත් යන්නේ හරිම පුද්ගලිකව, මට සෙනග ඉන්න වෙලාවට පන්සලකටවත් යන්නේ නෑ, කිරිවෙහෙරට ගියත් වැඳගෙන ඉද්දි කවුරු හරි රසිකයෙක් ඇවිත් අහනවා අතුල අයියේ ෂෝ නැද්ද කියලා, සමහර වෙලාවට මම නංගි එක්ක ගියත් හැමෝම බලන්නේ මේ කවුද කියලා, මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මම මහන්සි වෙන තරමට මට ප්‍රතිපල දෙන්න කියලා”

අතුල දැන් ඔයාට සමිතා සහ අමායා කියන දෙන්නම ඉන්නවා ඉතින් ඔයා මේ දෙන්නගෙන් වැඩියෙන්ම ආදරේ කාටද..? මම අමායටයි සමිතටයි දෙන්නටම පන වගේ ආදරෙයි, ඒ ආදරේ එදත් එහෙමයි අදත් එහෙමයි, ඒක වෙනස් වෙන ආදරයක් නෙවෙයි, ඒක කිසිම දවසක නොවෙනස් වෙන ආදරයක්, මම කිසිම දවසක ඒ දෙන්නට මගේ ඉස්සරහා කිසිම දෙයක් කියන්න දෙන්නේ නෑ, සමිතයි අමායයි දෙන්නම මට එක වගේ,”

Related Posts