‘මම අද යම් තැනක ඉන්නේ මගේ රත්තරන් මැණිකේ නිසා’ රෝහල් ගතව සිටින ගිරිරාජ් කියන කතාව

ගිරිරාජ් කෞෂල්‍ය කියන්නේ මේ වෙද්දි බොහෝ දෙනකුගේ ආදරය දිනාගත්ත ලාංකීය රංගනයේ සුවිශේෂී දක්ෂ රංගන ශිල්පියෙක්. හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් වන මොහු සමාජයට යම් පණිවුඩයක් දෙන චරිත බොහෝ දුරට රඟ දක්වනවා. බොහෝ දෙනෙක් ඔහු රඟපාන නිර්මාණ ආදරයෙන් වැළඳ ගත්තේ ඔහු සමාජයට දෙන පණිවිඩය නිසාමයි. රෝගාතුරව සිට තරමක් සුව අතට හැරෙමින් සිටින මොහු ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ,

කුඩා කාලයේ ඉදන්ම නළුවෙක් වෙන්න හිතුවද? ”පුංචි කාලේ ඉදන්ම ආසාවක් තිබුනා රංගන ශිල්පියෙක් වෙන්න. හැබැයි නළුවෙක් කියන කවුද කියන්න නම් මම දන්නේ නැහැ. මම පුංචි කාලේ ඉදන් චිත්‍රපටි බලන්න යනවා. පාසල් වේදිකාවේ වුනත් මම මගේ දක්ෂතාවය පෙන්වපු කෙනෙක්. ඒ කොහොම වුනත් මගේ ජිවිතේ කලාවට එන්න ලැබෙන්නේ හරි අහම්ඹෙන්. මොකද එදා රංගනයට ආපු නැති නළුවෙකුගේ අඩුව පුරවන්නයි එදා මාව රංගනයට ගන්නේ. එදා ඒ පටන් ගත්ත ගමන මගේ මුළු ජිවිතයම වෙනස් කලා.

ආදරයත් එක්ක ඔබේ බිරිඳ ගැන කිව්වොත්, ”මම හිතන්නේ ඇත්තටම ආදරය කියන්නේ ආත්මාර්ථකාමි හැගිමක් කියලා. ඒ නිසාම වෙන්න ඇති ආදරය කියන්නේ අපිව පාලනය කරන දෙයක්. මට මගේ බිරිඳව මුණ ගැහෙන්නේ අමතර රැකියාවක නිරත වෙද්දි. මම අද යම් තැනක ඉන්නවනම් ඒකට හේතුව මගේ රත්තරන් මැණිකේ. මට එයා ගැන තියෙන්නේ ආදරයට එහා ගිය ගෞරවනිය විස්වාසයක්. අපි දෙන්නා ජිවිතේ ගොඩක් ඉස්සරහට ආවේ විස්වාසය නිසා. මගේ පෙර වැරදි තිබුනේ නැති නිසා මට ඒ විස්වාසය රැකගන්න පුළුවන් වුනා.”

ජනප්‍රියත්වය හමුවේ ආඩම්බර විය යුතුමද, ”ජනප්‍රියත්වය නිසා ප්‍රේක්ෂකයන්ගෙන් ලබන ආදරයට සීමා නෑ. අනික ඒ ආදරය ගැන විස්තර කරන්න බෑ. ඒ තරමට ඒ ආදරය හරිම ආදරණියයි. ඒ මොන දේ වුනත් මම හිතන්නේ ජනප්‍රියත්වය කියන්නේ තාවකාලික දෙයක් කියලා. අද බැබළිලා දිළෙන තරු හෙට නිවිලා යන්න පුළුවන්. මේක කලා කේෂ්ත්‍රයේ ස්වාභාවය. මම කවදාවත් ජනප්‍රියත්වය එක්ක ආඩම්බර වුන ආඩම්බර වෙන කෙනෙක් නෙවෙයි.”

ජීවිතේ සතුටින් ඉන්න ඔබ මොකද කරන්නේ, මම කොහොමත් හැමදාම සතුටින් ඉන්න කෙනෙක්. සතුට කියන දේ මගේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. අපි ගෙදර හැමෝම එකතු වෙන දවසක පැදුරු පාටියක් පවා දානවා. මට කාත් එක්කවත් තරගයක් තිබිලා නැති නිසා ජීවිතය සතුටින් ඉන්නේ. අනික මම ජීවිතේ දකින්නේ මට දකින්න පුළුවන් ප්‍රමාණයේ ඉඳලා නැත්නම් ඊට වඩා පහළ ඉදලා. මම ලෝකෙට පේන්න ජීවිතේ සතුටු වෙන කෙනෙක් නෙවෙයි. කවුරු කොහොම කිව්වත් මම ජීවත්වුනේ බොහොම සරල විදිහට මට සුදුසු විදිහට. ඒ නිසා වෙන්නැති මම සතුටින් ජිවිත් වුනා අද වෙනතුරුම.

Leave a comment

Your email address will not be published. Required fields are marked *