මට ළමයි දෙන්නෙක් ලැබෙන්න ඉඳලා නැතිවුනා අනේ මට ළමයි නැති කෙනා කියන්න එපා – ෂෙරිල් ඩෙකර්

රුපලාවන්‍ය ශිල්පිනියක විදියට වගේම රංගන ශිල්පිනියක විදියටත් අපේ හදවත් ආදරෙන් ස්පර්ශ කරන්න සමත්වුණ දුටුවන් ඇස් වශී කරනවන රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි ෂෙරිල් ඩෙකර් කියන්නේ, කාලයක් ලංකේය කළා ලෝකයකට නැතුවම බැරි රංගන ශිල්පිනියක වුන ෂෙරිල් ඩෙකර් මේ දවස්වලනම් කළා ලෝකය තුලින් වැඩිය දකින්න ලැබෙන්නේ නෑ, අමා ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිස ඔබෙත් මගෙත් හදවත් දිනාගත් ෂෙරිල් ඩෙකර් විවාහ වෙන්නෙත් අපි ගොඩක් ආදරේ කරන චරිතක් වන රුවන් හෙට්ටිආරච්චි සමග, ඉතින් රුවන් එක්ක ගොඩක් ආදරණීය ජීවිතයක් ගත කරන ෂෙරිල් සමගයි අද අපේ කතාබහ,

ඉතාම සුන්දර රුවකට හිමිකම් කියන ඔබ කොහොමද දවස පටන් ගන්නේ, ”මම උදේ නැගිට්ට ගමන් මුලින්ම කරන්නේ මගේ ආගම සිහිකරන එක, විනාඩි කිහිපයක් ආගම සිහි කලාට පස්සේ අද ලස්සන දවසක් අද තමයි මගේ ජීවිතයේ හොඳම දවස කියලා ප්‍රාර්ථනා කරනවා, ඊටපස්සේ වතුර වීදුරුවක් බොනවා, ඊටත් පස්සේ ඇඟ පිරිසිදු කරලා උදේ ආහාරය හදනවා, මම ආහාර ගැන ගොඩක් හිතන කෙනෙක්, උදේට මම ගොඩක් වෙලාවට කන්නේ කිරි සමග හදාගත්ත කෝන්ෆෙක්ස්,

එහෙමත් නැත්නම් කුරක්කන් පාන් පෙති දෙකක් එක්ක තම්බපු බිත්තරයක් කනවා, ඒ වගේම තමයි උදේට මම අනිවාර්යෙන් යෝගට් එකක් සහ ජෙලි ආහාරයට ගන්නවා, ශරීරයේ තියෙන උෂ්ණ ගතිය නැති කරගන්න යෝගට් සහ ජෙලි ඉතාම හොඳයි, ඒ වගේම පුළුවන් විදියට පලතුරු ආහාරයට ගන්නවා, මම කන්න ආස දෙලීම් කොමඩු සහ අඹ, දවල්ට කන්නේ බ්රෝකොලියි වට්ටක්කයි, හමට හොඳ නිසා වට්ටක්ක නිතරම කනවා,”

ඇත්තටම ඔබට මේ ලැබිලා තියෙන හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ ඔයාගේ සුන්දරත්වය නිසාද..? නැහැ මම කීයටවත් එහෙම හිතන්නේ නෑ, මට මට ඉස්සර ආර්ථික අපහසුතා ගොඩක් තිබ්බා, ඒ සේරම අපහසුතා මම ජයගත්තේ මගේ උත්සාහයෙන්, ඒ වගේම මගේ උනන්දුවෙන්, මම ලොකු කැපකිරීමක් කළා ඒ වෙනුවෙන්, අද මම වටිනා කෙනෙක් වෙලා තියෙන්නේ ඒ මගේ තුල තිබ්බ ශක්තිය නිසා, ලස්සන නිසා මට වටිනාකමක් එකතුවෙලා තියෙනවනම් ඒක දෙවෙනි කාරණය, ලස්සනයි කියලා හිතාගෙන නිකම්ම හිටියනම් මම අද කීයටවත් මේ වගේ තැනක නෑ,”

ජීවිතේ වැඩියෙන්ම සතුටු වුනේ කවද්ද..? ”ඇත්තම කියනවනම් මම මගේ ජීවිතේ ගොඩක්ම සතුටු වුනේ මම ප්‍රෙග්නට් වුන දවස, මට හරිම සතුටුයි ඒ දවසේ, හැබැයි මොකක් හරි හේතුවක් නිසා දෙවියෝ ඒක ආයේ ගත්තා, මට දෙපාරක්ම එහෙම වුනා, එහෙම දෙයක් උනාම දුකක් නෑ කියන්න බෑ, මට හරිම දුකයි, මම එක දෙයක් කියන්න ඕන මේක බලන අයට, ගොඩක් ෆේස්බුක් එකේ, මම ගැන දන්නේ නැති මගේ ජීවිතේ ගැන දන්නේ නැති ගොඩක් අය මට අපහාස කරනවා, මම ඒ අය එක්ක තරහා නෑ මම ඒවාට ෆේස් කරනවා,

මමත් අම්මා කෙනෙක් වුන කෙනෙක්, ඉතින් දන්නේ නැතුව මිනිස්සුන්ට ඇඟිල්ල දික්කරන්න එපා, කිසිම ගැහැනියකට එහෙම කරන්න එපා, විශේෂයෙන් පිරිමියෙක්ට වඩා ගැහැනියක් තමයි තවත් ගැහැනියකට වල කපන්නේ, මට ගොඩක් අපහස කලේ ගැහැණු අය, දෙයක් දන්නේ නැතුව කතා කරන්න එපා, මම කියන්නේ කෙනෙක් බැන්දම පස්සේ ඒ කෙනාට අවශ්‍ය නම් ළමයෙක් හදයි, නැත්තන් හදන්නේ නැතුව ඉඳීවි, සමාජයට ඕන විදියට වැඩ කරන්න බෑ, මම මේ කියන්නේ ඇත්ත දෙයක් අනේ ඒ ගැන වැරදියට හිතන්න එපා,

සමාජයට ඕන විදියට අඳින්න පළඳින්න, කන්න බොන්න බෑ, අපිට ඕන විදියට නිදහස තියෙන්න ඕන, මට කැමතිනම් මම ළමයෙක් හදනවා, මට කැමතිනම් නෑ ඒක මගේ ජීවිතේ, සමාජේ මිනිස්සුන්ට ඒක තීරණය කරන්න බෑ, මම මේ ඇත්ත කතා කරන්නේ, ඇත්තටම ඇයි මේ මිනිස්සු අනිත් අයගේ ජීවිතේ ප්‍රශ්නයක් කරගන්නේ, ඇයි ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ, කෙනෙක්ට ගහනවට වඩා පවර්ෆුල් වචන, වචන වලට ගොඩක් රිදෙනවා, මගේ ආගමේත් බයිබලේ තියෙනවා එහෙම, අපි කියන්නේ ඒකට පවු කියලා, මම හරිම අකමැතියි වචනයෙන් මිනිස්සු රිද්දන්නේ, මට කියලා තියෙනවා ළමයි නැති ගෑනි වඳ ගෑනි කියලා මට කතා කරනවා, කමක් නෑ, ඕවා කියන්න කියන්න මම ශක්තිමත් වෙනවා, මට ඕවට කඳුළු ගඟක් ගලනකන් අඬන්න පුළුවන් එත් මම අඬන්නේ නෑ දරාගෙන ඉන්නවා, මම දන්නවා කවදාහරි මට හොඳම දේ ලැබෙනවා කියලා, අනේ මම කියන්නේ කවදාවත් ගැහැනියකට ළමයෙක් නෑ කියලා කවදාවත් අපහස කරන්න එපා”

Related Posts

Leave a Reply

Your email address will not be published.