‘මට හොඳට තම්මැට්ටම් ගහන්න පුළුවන්’ ජනප්‍රිය නිලි ආලෝකා කියන කතාව

රූපවාහිනි වෙළද දැන්විමකින් කලාවට පිවිසෙන ඇය නව පරපුරේ රංන ශිල්පිනියක්. නමින් ආලෝකා ධනංජනි. කෙටි නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුන ඇය පසුව ‘අඩෝ’ ‘ඉරුදේව’ සහ ‘සංකාරන්’ ඇතුළු නිර්මාණ රැසකටම සිය රංගන දායකත්වය ලබාදුන්නා. සිරස ෆිල්මිස්ටාර් හරහා කලාවට පිවිසෙන ඇය කුඩා ගමකින් කේෂ්ත්‍රයට පිවිසෙන තරුණියක්. ඇය කලාවට පිවිසෙන්න හේතුව ඇයට දැනුම් තේරුම් කාලයේ පටන් ඇය නිවේදනයට ආස කරපු බවත් පාසල් කාලේ ඉදන් රංගනය ගැන තිබුන උනන්දුවත් බවත් ඇය කියා සිටියා.

ආලෝකා පාසල් කාලේ කුමන අරමුණකින් අධ්‍යාපනය හැදෑරුවාද යන්න අපි ඇයගෙන් ඇසුවා “මගේ අරමුණ වුනේ ඇත්තටම වෛද්‍යවරයෙක් වෙන්න. හැබැයි කලාව කියන දේට මම ගොඩක් ආස කලා. මම ඒ නිසාම සංගිතය කියන දේ විෂයක් ලෙස තෝරගෙන කටයුතු කලා. වයිලිනය, තම්මැට්ටම, සර්පිනාව, මොලෝඩිකාව වාදනය කරන්න මට හොදට පුළුවන්. පාසලේ ඕනිම කලා කටයුත්තක් ඉදිරියේ මම පෙරමුණ ගන්න චරිතයක් වුනා කිවොත් හරි. ඕනිම කලා අංශයකට මම ඉදිරිපත් වෙනවා. සිරස ෆිල්ම් ස්ටාර් එකට එකතු වෙන්නෙත් ඒ විදිහට මම.”

ඉදිරියේ ඔබ යන්න බලාපොරොත්තු වෙන්නේ මොන විදිහේ ගමනක් යන්නද? “රංගනයේ කළු සුදු ඕනිම චරිතයක් රඟපාන්න මම කැමතියි. මම ඕනිම අභියෝගයක භාරගන්නවා. කලාවට ඇවිත් කෙටි කාලයක් වුනාට ඇත්තටම මම ආසයි කලාවේ ඉස්සරහට යන්න. සාර්ථක චරිතයක් විදිහට මගේ දායකත්වය මගේ නිර්මාණ වලට ලබා දෙන්න. අද මගේ මුළු ජිවිතයම රංගනය කිවොත් මම හරි. මොකද මම ආස දැන් කලාව එක්ක ජිවිතේ ඉස්සරහට යන්න. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් ලගට එන්න ඇත්තටම මම බලාපොරොත්තුවෙන් ඉන්නවා”

රංගන කේෂ්ත්‍රයේ හොදද? “⁣මටනම් ඇත්තටම හොදයි. තමන් හරියට ඉන්නවනම් කොයි කේෂ්ත්‍රයේ හිටියත් ගමනක් යන්න පුළුවන්. මම පුද්ගලිකව හිතන්නේ හරියට තමන්ගේ ගමන යනවනම් දක්ෂ තාවය පෙන්වන්න හැකියාවෙන් ඉසිසිරහට යන්න මේ කේෂ්ත්‍රය තමා ඒකට හොදම තැන. හැබැයි තමන් දැනගන්න ඕන තමන් ගැන බලා ගන්න. ගොඩක් අය රංගන ශිල්පිනියක් දිහා බලන්නේ වෙනම කෝණයකින් ඉතින් ඒ අය කොහොම බැලුවත් තමන් හරියට ඉන්නවනම් එච්චරයි”

Leave a comment

Your email address will not be published. Required fields are marked *