‘මට හුරතල් හාවෝ 200ක් ඉන්නවා’ ජනප්‍රිය නිලි එමාෂා කියන කතාව

මෙගා නාට්‍ය කලාවේ ‘දෙවනි ඉනිම’ කියන්නේ කවුරුත් ආදරේ කරන කතාංගයක්. අද අපි කතා කරන්නේ ආදරේට හාවෝ 200ක් ඇති කරපු දෙවනි ඉනිමේ සහේලි ගැන. නමින් ඇය එමාෂා සෙ⁣නෙවිරත්න. අධ්‍යාපනය ඉවර විමත් සමඟ නිළියක් වෙන එමාෂා බදුල්ල ප්‍රදේශයේ රංගන ශිල්පිනියක්. අහම්බෙන් රංගනය දායක වෙන ඇය වෙළද දැන්විම් කිහිපයකටද සම්බන්ධ වෙනවා. දෙවනි ඉනිම ටෙලිනාට්‍ය නිසාම විදේශ අධ්‍යාපනය අතහරින ඇය ඇගේ උපාධිය ලංකාව තුළම සිදු කරන්න කිරණය කරනවා.

ඇත්තටම එමාෂා කියන්නේ සැබෑ ජිවිතේ කොයි වගේ කෙනෙක්ද? “මම ගොඩක් අහිංසක කෙනෙක්. දකින අය හිතන්නේ මම දඟකාර දඩබ්බර හිතුවක්කාර චරිතයක් කියලා. හැබැයි ඇත්තටම මම එහෙම කෙනෙක් නෙවෙයි. මම රඟපාන චරිත මොන වගේ වුනත් ඇත්ත ජිවිතේ මම ගොඩක් වෙනස් කෙනෙක්. මට පොඩි දේටත් දුක හිතෙනවා ඉක්මනට උණුවෙන හදවතක් තියෙන්නේ මට”

එමාෂා සත්තුන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් නේද? “මම පුංචි කාලේ ඉදන්ම සතුන්ට කැමති කෙනෙක්. මම විවිධ වර්ගයේ බල්ලෝ හත් දෙනෙක් ඉන්නවා. ගිනිපික් කෙනෙකුත් ඉන්නවා. ඉස්සර හාවෝ 200ක් වගේ හිටියා. දවසක් ගෙවිපලක හාවෝ වගයක් විකුණන්න හිටියා. මම ඉතින් එයාලා සේරම අරගෙන ආවා සල්ලි දිලා. අවසානේ 200කට වඩා එයාලා බෝ වුනා. මම ආසයි එයාලා එක්ක ඉන්න. මම ගොඩක් ආදරෙයි ඒ අයට. දැන් එක එක අය ඉල්ලන් ගිහින් එච්චර නෑ”

එමාෂා කියන්නේ සුන්දර තරුණියක් ඉතින් ආදර යෝජනා එහෙම නැද්ද? ” අම්මෝ යෝජනානම් එනවා ඕනෑතරම්, ඒත් මම තාම ඒ ගැන හිතලා නෑ. මොකද මම හිතනවා මම තාම ඒකට සුදානමක් නෑ කියලා. ඒ නිසාම මම තනියම ඉන්නවා ඉතින්. කවදා හරි මම ඒ දේට සුදානම් කියලා දැනුනම පෙම්වතියක් වේවි “

දෙවනි ඉනිම ටෙලිනාට්‍ය තුළ පලමු වරට රඟපෑ දර්ශනය මතකද? “අපොයි ඔව් මට හොදට මතකයි. රවින් කනිෂ්ක අයියා එක්ක තමා මට රඟපාන්න වුනේ. දර්ශන තලය නුවර තිබුනේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි මම ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයකට මට සම්බන්ධ ⁣වෙන්න පුළුවන් වුනාට. මගේ ජීවිතේ වෙනස්කලේ දෙවෙනි ඉනිම”

Leave a comment

Your email address will not be published. Required fields are marked *