‘මට හුරතල් කරන්න පූසෝ 15ක් ඉන්නවා’ මිස් ශ්‍රි ලංකා කිරුළ දිනූ සාදේ කියන කතාව

2021 වසරේදී සියත මිස් ශ්‍රි ලංකා කිරුළ දිනා ගන්නේ ඇයයි. ඉන් අනතුරුව ඇය සුරූපි සාදේ ෆුවර්ටෝ රිකෝහි පැවැත්වු රූ රැජින තරඟයට ද හිමිකම් කියූ අතර එහිදී හොඳම රූමතියන දහ දෙනා අතරට එන්න ඇය වරම් හිමිකර ගන්නවා. ඇගේ නම සාදේ ග්‍රින්වුඩ්. අද අපි කතා කරන්නේ කරන්න සූදානම් වෙන්නේ ඇයි සමඟයි.

ලෝකය නියෝජනය කරන්න වගේම සියත මිස් ශ්‍රි ලංකා කිරුළ දිනා ගැනිමත් සමග ඔබට දැනුන හැගිම මොන වගේද, ඒ වගේ තැනක මගෙ මගේ රට නියෝජනය කරන්න ලැබීම ගැන මට දැනුණේ ලොකු ගෞරවයක්. මගේ රටට ගෞරවයක් ගෙන දීමට ඇත්නම් කියලා මට හිතුනා. විශේෂයෙන් මට ඒ හැමදේම දැනුනේ ලොකු වගකීමක් විදිහට. ලෝකයක් ඉස්සරහ මගේ රට ගැන කතා කරන්න මගේ රටේ සුන්දරත්වය ගැන කියා පාන්න මට අවස්ථාව හිමි වුණා. මගේ රටේ වටිනාකම ලෝකෙටම ඔප්පු කරන්න මට මේක අවස්ථාවක් වුණා.

ඇත්තටම මම කොයි වගේ කෙනෙක්ද, ”ජීවිතේ ගොඩක් දේවල් ගැන උද්යෝගිමත් විදිහට හිතන කෙනෙක්. අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න ඕනි කියන කුතුහලය මගේ ජීවිතේ තුළ තියෙනවා. කිසිම දෙයක් උත්සාහ නොකර අත හරින්න මම සූදානම් කෙනෙක් නෙවෙයි. යම් දෙයක් උත්සහ කරලා අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න මම කැමතියි. විවිධ වූ දේවල් ඉගෙන ගන්න ජගන්න ජීවිතේට යම් යම් දේවල් එකතු කර ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. මම ජීවිතයේ අභියෝග පවා බාරගන්න කැමතිම කෙනෙක්.”

ඔබත් ඔබේ පවුලත් අසරණ වුන සුනකයින් පුසන් බලාගන්නවා කියන්නේ ඇත්තද, ”මගේ තාත්තා බ්‍රිතාන්‍ය තවත් ජර්මානු සම්භවයක් තියෙන කෙනෙක්. මගේ අම්මා ශ්‍රී ලාංකීය බෞද්ධ කාන්තාවක්. අපි ගොඩක් සතුටින් ජීවත් වෙන පවුලක්. අපි අසරණ වුන සුනඛයින් දෙදෙනෙක් සහ පුසන් 15 දෙනෙක් හදනවා. අපි හිතන්නේ එයාලත් අපේ පවුලේ අය කියලා. අපි එළියට යන දවසට පවා අපිට කිසිම කරදරයක් නැතුව එයාලව දාලා යන්න පුළුවන් වෙන්නේ අපේ ගෙදර වැඩට කෙනෙක් ඉන්න නිසා.”

රටක් විදියට දියුණු වෙන්න නම් අපි මොන වගේ දේවල් කළ යුතු ද යන්න ද ඔබේ අදහස, අපේ රට ජෛව විවිධත්වයෙන් යුතු රටක්. කිසිම රටක් මේ වගේ සුන්දරත්වයක් නැති තරම්. මම හිතන්නේ අපේ රටේ තියෙන දේවල් ආරක්ෂා කර කරගැනීම අපේ හැමෝගෙම යුතුකමක්. අපේ රටේත් තේ කුරුඳු වගේ දේවල් ගුණාත්මක බවින් ඉහළයි. සුන්දර වෙරළ තීරයක් අපිට තියෙනවා.සංචාරක කර්මාන්තය දියුණු කර ගන්න පුළුවන් රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. අපේ රටේ පුංචි අයගේ පෞරුෂ වර්ධනය පෞර්ෂ වර්ධනය කළ යුතුයි. ග්‍රාමිය පළාත්වල අධ්‍යාපනය ද මීට වඩා සංවර්ධනය කරන්න ඕන. මගේ හිතේ තියෙන ලොකුම ආශාව තමයි ඒ වගේ දේවල් වලට මගෙ සහයෝගය ලබා දෙන්න ඕන කියලා. ඒක මගේ ජීවිතේ ලොකු අරමුණක්.

ඔබේ විනෝදාංශ ගැන කතා කළොත්, ”මම ස්වේච්ඡා වැඩකටයුතු කරන්න කැමතියි. මොකද මම ස්වේච්ඡා වැඩකටයුතුවලින් ලොකු සතුටක් ලබනවා. සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ද මම කැමතියි. ගායනය පොතපත කියවීම වගේ දේවල් වලටත් මම කැමතියි. කවිය කියන දේට බොහොම ලැදි චරිතයක් මම.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *