මට හැමදේම ලැබුනේ මගේ ලස්සන නිසා, ගොඩක් අය හිතන් ඉන්නේ මම මලයාලම් නිලියක් කියලා – ඉසංකා අබේසේකර

මේ දවස්වල ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ආදරණීය ටෙලිනාට්‍යක් තමයි ‘කියාදෙන්න ආදරේ තරම්’ කියන්නේ, ඉතින් කියාදෙන්න ආදරේ තරම් නාට්‍යට අලුතෙන් එකතුවුන චරිතයක් තමයි සමන්දිනි කියන්නේ, ඉතින් දැන් සුන්දර රුවකට හිමිකම් කියන සමන්දිනි කියන්නේ කවුද කියලා හැමෝම හොයනවා, හැමෝම හොයන මේ සුන්දර රුවකට හිමිකම් කියන නවක රංගන ශිල්පිනිය තමයි ඉසංකා අබේසේකර කියන්නේ, ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම හොයන ඉසංකා සමග,”

ඉසංකා කියන්නකෝ බලන්න පවුලේ තොරතුරු ටිකක් ”මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි, මල්ලියි, අත්තම්මයි, මගේ තාත්තා 2017දී හදිස්සියේ ලෙඩවෙලා නැතිවෙනවා, අම්මා විදේෂගතවෙනවා ඊටපස්සේ පන වගේ මාවයි මල්ලිවයි බලාගත්තේ අත්තම්මා, අපේ අම්මා ජීවත් වෙන්නේ ග්‍රීසියේ, නිවාඩු වෙලාවට අපි යනවා අම්මා ලඟට එයාට නිවාඩු කාලෙට එයා ලංකාවට එනවා, ඉතින් ඕවා තමයි මගේ පවුලේ විස්තර”

කියාදෙන්න ආදරේ තරම් නාට්‍යට සමබන්ද වෙන්න අවස්තාව ලැබෙන්නේ කොහොමද..? ”මෙහෙයිමයි මහේෂ් අයියයි දනුෂ්ක අයියයි තමයි මාව මුලින්ම හඳුනාගන්නේ, ඒ ‘චන්ද්‍රපානි’ ගීතය හරනා, ඒ ගීතයේ රූප රචනාවට සම්බන්ද වුනාට පස්සේ මට ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබුනා, කියාදෙන්න ආදරේ තරම් නාට්‍යට මාව සම්බන්ද කරගන්නේ ඒ නාට්‍යයේ අධ්‍යක්ෂක ධනුෂ්ක අයියා, ඊටපස්සේ මගේ චරිතය ගැන කියලා ඒකට අදාළ පිටපත එව්වා, එහෙම තමයි මට ඒ චරිතය ලැබුනේ”

හැමදේම ලැබුනේ ඔයාගේ ඔය ලස්සන රූපය නිසාද..? ”ඔව් ඇත්තට මගේ මේ ලස්සන නිසා තමයි මේ හැමදේම මට ලැබුනේ, මගේ සුන්දරත්වය නිසා පාසල් කාලයේ ඉඳලම මට එක එක නිර්මාණ වලට සම්බන්ද වෙන්න අවතාව ලැබුනා, හැමෝම හිතන්නේ මම ලංකාවේ කෙල්ලෙක් නෙවෙයි ඉන්දියාවේ මලයාලම් නිලියක් කියලා, ඒ වගේම මේ රුපය නිසා දමිල කෙටි චිත්‍රපටයකට ආරාධනා ලැබුනා මේ දවස්වල ඒක රූගතවෙනවා”

Related Posts

Leave a Reply

Your email address will not be published.