මට සම්බන්දයක් නෑ කිවුවට කවුරුවත් පිළිගන්නේ නෑ – සචින්තනී

මේ දවස්වල ලංකාවේ හැමෝම වගේ ආදරෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි සිරස නාලිකාවේ විකාශනයන වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍යයේ දිගැසිගේ චරිතය හරහා ඔබ අප හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි සචින්තනී කෞශල්‍යා කියන්නේ, මේ වනවිට නීති විද්‍යාලයේ ඉගනුම ලබන සචින්තනී සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, දිගැසි ආදරේ කරන විදිය ගැන සචින්තනී මොකද හිතන්නේ ”මෙහෙමයි වෙලාවකට හිතෙනවා ඇයි දිගැසි ඔයතරම් බාල්දු විදියට ආදරේ කරන්නේ කියලා, මමත් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්, ඒ වගේම ආදරේ නොලබුනාම කේන්ති යන කෙනෙක්, ජීවිතේ එක තැනකදී මමත් දිගැසි වගේ වුනා”

ජනප්‍රිය නළු යෂ් සහ ඔබ ගැන සමාජයේ එක එක කටකතා පැතිරෙනවා නේද..? ”ඔව් එහෙම කට කතාවක් පැතිරෙනවා, හැබැයි අපි අතරේ එහෙම සම්බන්දයක් නෑ, එක ප්‍රොමෝෂන් වැඩකට කරපු වැඩක්, හැබැයි අපි කවුරුවත් හිතුවේ නැති විදියට ඒක වයිරල් වුනා, යෂ් මගේ හොඳම යාලුවා,සමහර අය පිළිගන්නේ නෑ අපි යාළුවො කිවුවට, හැබැයි ඇත්තටම අපි යාළුවො විතරයි,

ඔබ මනෝ උපදේශනය හැදෑරු කෙනෙක්, ඉතින් මානසික ගැටළු වලින් පීඩා විඳින අයට කියන්න තියෙන්නේ මොනවද..? ”සම්බන්දතා නිසා ඇතිවෙන ගැටළුවලදී, අපි අපේ ජීවිතයෙන් අවසන් කරගන්න හදනවා, එහෙම කරන්නේ අපි අපිට ආදරේ නැති නිසා, හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි තමන් තමන්ට ආදරේ නැතුව තව කෙනෙක්ට ආදරේ කරන්න බෑ, පාසලේ නවය වසරේ ඉඳන් ඉඳන් මට මගේ ජීවිතේ ගොඩක් දුෂ්කර කාලයක්, දැන් තියෙන තත්වය ලඟා කරගන්න මම ලොකු කැපකිරීමක් කළා, ජීවිතේ අමාරු කාලවලදී අපි අල්ලාගෙන ඉන්න ඕන”

Related Posts

Leave a Reply

Your email address will not be published.