මට වයස 36යි එයාට වයස 22යි – ජනප්‍රිය ගායක ගයාන් පෙරේරා

ලංකාවේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ ගායකයෙක් තමයි ගයාන් පෙරේරා කියන්නේ. කොහොම වුනත් දැන්නම් ගයාන් වැඩිය පේන්න නෑ. ගයාන් කාලයක් හිටියේ ඇමරිකාවේ ඉතින් අද අපි අපේ කතාබහට තෝරාගත්තේ හැමෝම ආදරේ කරන ගයාන් පෙරේරා. ගයාන් කොහොමද ඇමරිකාවේ ගෙවපු ජීවිතය ”මම ඇමරිකාවේ ඉද්දී ඉගන ගත්තේ සංගීතය. ඒ වගේම මම උපාදි දෙකක් ගත්තා. මට හැම වෙලාවේම ඕන වුනේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න. ඉතින් අධ්‍යාපනයට සහ රැකියාව එක්ක නිර්මාණ වලට යොදවන්න කාලය නැතිවුනා ඒකයි කාලයක් මම නිර්මාණ වලින් ඈත් වෙලා හිටියේ. ඉදිරියේදී මම තව ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

ගයාන් ලංකාවෙන් ආවේ කලකිරිලද ”නැහැ මම ලංකාවෙන් අආවේ කලකිරිලා නෙවෙයි. මට ඕන වුනේ ලංකාවෙන් එලියට ගිහින් අරමුණක් වෙනුවෙන් ඉගනගන්න. ඉතින් ඒ කාපු කට්ට ගැන ගොඩක් සතුටුයි. මම අවුරුදු හයහමාරක් ඇමරිකාවේ හිටියා, ඇත්තටම ඒක ගොඩක් සුන්දර කට්ටක්. මම ඒ කාලේ ටේබල් වේටින්, ෆුඩ් ඩිලිවරි, ඌබර් වගේ රැකියා එකසිය ගානක් කළා. මම කවුද කියන එක මෙහෙ අයට අදාළ නෑ. ඇමරිකාව කියන්නේ වෙනම ලෝකයක්. මිනිහෙක් දියුණු වෙන්න නම් මහන්සි වෙන්නම ඕන කියලයි මම හිතන්නේ.”

ගයාන් කියන්නේ ගොඩක් සුන්දර චරිතයක් ඉතින් පහුගිය කාලයේ ගයාන්ගේ පෙම්වතිය ගැන හැමෝම හොයන්න පටන් ගත්තා, ඉතින් ගායාන්ගෙන් දැම්ම විවාහ වෙන්නේ නැද්ද කියලා මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකට ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්. ”මම දැන් පෙම්වතෙක්. ඒ වගේම මගේ පෙම්වතිය ලංකාවේ කෙනෙක්. ඇය තමාව ඉගන ගන්නවා මොකද මගේ පෙම්වතිය තවම පොඩියි. ඇයට වයස 22යි මට දැන් වයස 36යි. අපි හිතන විදියට ආදරයට වයස බාදාවක් නෑ, අදහස් ගැලපෙන්න විතරයි ඕන.”

Related Posts

Leave a Reply

Your email address will not be published.