‘මට වඩා වැඩිමල් අයට මම ආස නැහැ’ පෘථිවියේ සුන්දරම කෙල්ල ශෙනායා

පුංචි තිරය තුළ ඇය නවක යොවුන් රංගන ශිල්පිනියක්. නමින් ෂෙනායා ඇනිසා වැනොෆ්. රඟපෑ ටෙලි නාට්‍ය අතරින් හිත ලග හිනහුණා ටෙලිනාට්‍ය තුලින් ජනප්‍රිය වූ ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. ඔබ තවම ඉගෙන ගන්න වයසේ කෙනෙක් නේද, ”මම වැඩිදුර අධ්‍යාපනයට විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. ඔය අතරේ තමයි මට මේ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ. හැබැයි මම කලාවට පිවිසෙන්නේ අවුරුදු දාහතේදී. මට මේ ගමන එන්න මුලින්ම පාර පෙන්නුවේ මගේ පාසලේ නර්තන ගුරුවරිය. ඒ මිස් තමයි මාව මුලින්ම වෙළෙඳ දැන්වීමකට යොමු කළේ. වෙළඳ දැන්වීම් වලට ඉදිරිපත් වීමෙන් පස්සේ මට ක්ෂේත්‍රය ආරාධනා ලැබෙන්න පටන් ගත්තා. මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් මම දිගටම වෙළඳ දැන්වීම් වල තමයි රඟපෑවේ.

ඔබ ගෙදරදි මොනවගේ චරිතයක්ද, මම ගෙදරදී අම්ම රවට්ටන කෙනෙක් නම් නෙමෙයි. ඕනම දෙයක් අම්මත් එක්ක කතාබහ කරලා විසඳ ගන්නවා. අහන්න දෙයක් තියෙනවනම් මම කෙලින්ම අම්මාගෙන්ම අහනවා. අනික මම දඟ චරිතයකුත් නෙවෙයි. එකපාර අමුත්තන් ඉදිරියේ කතා කරන කෙනෙකුත් නෙවෙයි. මට මිත්‍ර වුණොත් විතරයි මම කෙනෙක් එක කතාබහ කරගෙන යන්න දිගටම. හැබැයි මිත්‍ර උනාට පස්සේ මගේ කියවිල්ල නතර වෙන්නේ නැහැ. මම මට වඩා වැඩිමල් අය ආශ්‍රය කරන්න කැමති නැහැ. මම ගොඩක් ආශ්‍රය කරන්නේ මගේ සම වයසේ අය. ඕනම කෙනෙක් එක්ක මම ගානට ඉන්නවා. යාලුවොත් එක්ක පිස්සු වැඩත් කරනවා.

කාමරේ දොර වහගෙන තනියම ඉන්නේ ඇයි, ‘ඇත්තටම මට තරහ ගිය වෙලාවට මට තනියම ඉන්න ඕන.මට තරහා ගිය වෙලාවට කාමරේ දොර වහගෙන කේන්ති නිවෙනකම් කාමරයට වෙලා ඉන්නවා. ඒ වෙලාවට මට කවුරුත් කරදර කරනවාට මම කැමති නෑ. මම ගොඩක් වෙලාවට දොරවහගෙන ඒ වෙලාවට කරන්නේ ස්ටෝරි එකක් කියවනවා නැත්නම් කාමරේ පිළිවෙලකට අස්කරනවා. මම ෆෝන් එක නම් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. විශේෂෙන්ම මම සමාජ මාධ්‍ය වල නැහැ. සෝෂල් මීඩියා වලට මම කැමති නැති නිසාම වෙන්න ඇති මම තාම ෆේස්බුක් ගිණුමක් වත් පාවිච්චි කරන්නේ නැහැ.

ඔබ දවස ගෙවන විදිය ගැනත් කිව්වොත්, මට ඉක්මනට දුක දැනෙන කෙනෙක්. කවුරු හරි මට බැන්නත් මට ඉක්මනට ඇඩෙනවා. කේන්ති පිටට පෙන්නන්නෙ නැතුව ඒක තනියම දරාගන්න කෙනෙක්. ඒ හැරුනහම මම සතුටින් ජීවත් වෙන්න කැමැති කෙනෙක්. ගෙදර අය එක්ක උනත් මම සතුටින් ජීවත් වෙන කෙනෙක්. අපේ ගෙදර යාලුවෝ ආවත් අපි සතුටින් ඉන්නවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *