මට ලැබුන හොඳම ආදරය එක්ක මම සැපේ ඉන්නවා – අංජලී ලියනගේ

ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ බහුතරයකගේ ආදරේ දිනාගෙන තියෙන ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ, ඉතින් මේ දෙවෙනි ඉනිම නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියන්නේ, ගරාජ් ආනන්දගේ බිරිඳ වගේම දෙව්මිගේ මව විදියට රංගනයෙන් දායක වෙන අංජලී සමගයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ,

ඉතින් අංජලී මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් මම රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශනය වෙනවා, දෙවෙනි ඉනිම, ප්‍රදීප් රසාංගගේ හිත ළඟ හිනැහුනා, රැල්ල වෙරළට ආදරෙයි, ගඟන පියවර, තමයි ඒ ටෙලිනාට්‍ය, හැබැයි අදටත් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ දෙවෙනි ඉනිමේ අනුෂා කියන චරිතයට, ඉතින් මට ගොඩක් සතුටුයි මෙහෙම ආදරණීය ප්‍රතිචාර ලැබෙන එක ගැන”

අංජලී කොහොමද රංගනයට සම්බන්ද වෙන්නේ ”මම කලාව පිලිබඳ පන්නරේ ලබාගත්තේ මගේ පාසලෙන්, ඒ හරහා තමයි මම රංගනයට සම්බන්ද වෙන්න මුලික අඩිතාලම ලැබෙන්නේ පාසල් වේදිකාවෙන්, මගේ රංගන කුසලතාව දැකලා සුජීව ප්‍රසන්න ආරච්චිගේ බොඳ මීදුම් නවකතාවේ පිටකවරයට පෙනී ඉන්න මට අවස්තාව ලැබුනා, ඒක ඇත්තටම මට හීනයක් වගේ, ඊට කාලෙකට පස්සේ මට මාලනී ෆොන්සේකා මහත්මියගේ දෝනි ටෙලිනාට්‍යට සම්බන්ද වෙන්න මට අවස්තාව ලැබුනා, ඒ විදියට තමයි මම කලාවට අවතීර්ණ වුනේ”

අංජලී ආදරය ගැන මොකද හිතන්නේ ”මෙහෙමනේ අපි කාට ආදරේ කලත් අපි ජීවිතේ කොතැනක නැවතුනත් අපිට ලැබෙන්න ඕන කියලා දෛවය තීරණය කරපු කෙනා කොහේදී හරි කොහොම හරි ලැබෙනවා, ඒ ආදරේ ලැබුනම හිත නිවෙනවා, සාමාන්‍යයෙන් ආදරය කියන්නේ දෙදෙනෙක් මුලින්ම දැක්කම ඇතිවෙන හැඟීම නෙවෙයි ආදරයට අපේ ජීවිතේ හැම දෙයක්ම බලපානවා, මම මට ලැබුන හොඳම ආදරය එක්ක සතුටින් සැපෙන් ජීවත් වෙනවා”

ලංකාවේ ඉන්න ධක්ෂ නිලියක් වගේම ක්‍ෂේත්‍රයේ ඉන්න පරණම නිලියක් විදියට අලුතින් එන්න ඉන්න රංගන ශිල්පිනියන්ට වගේම නවක රංගන ශිල්පිනියන්ට දෙන්න තියෙන උපදෙස් මොනවද..? ”මේ ක්‍ෂේත්‍රයට එනවනම් රැඳිලා ඉන්න බලාගෙනම එන්න ඕන, ඒකට හොඳට මේ විෂය ගැන අද්‍යනය කරලා තියෙන්න ඕන, ඒ වගේම වෙලාවට වැඩ කරන්න එකෙන් තමන්ගේ කොලිටි එක වැඩි වෙනවා, නිතරම තමන්ගේ උපරිම කැපකිරීම චරිතය වෙනුවෙන් යොමු කරන්න, ප්‍රවීනයන්ට ගරු කරන්න, නිතරම මොනවා හරි දෙයක් ඉගන ගන්න උත්සහ කරන්න”

Related Posts

Leave a Reply

Your email address will not be published.