මට රෙවෙයි කියලා මම වේදිකාවෙන් බැහැලා ගියා – හදවතේ ගායකයා චාමර වීරසිංහ

ලංකාවේ සංගීත ප්‍රසංග ගොඩක්ම ජනප්‍රියයි, හැබැයි ලංකාවේ පසුගිය කාලයේ ලංකාවේ සංගීත ප්‍රසංග පැවැත්වුනේ ගොඩක් අඩුවෙන්, ඒකට ප්‍රධානම හේතුව තමයි පසුගිය කාලයේ ලෝකයේ පැවති වසංගත තත්වය. ජනතාවට එකතු වෙන්න බැරි නිසා ඒ වසර තුන පුරාවටම ලංකාවේ සංගීත ප්‍රසංග පැවැත්වුනේ නෑ, කොහොම වුනත් මේ වනවිට ඒ තත්වය ටිකක් වෙනස් වෙලා, අද වනවිට ලංකාවේ තැනින් තැන සංගීත ප්‍රසංග පවත්වනවා, ඒ වගේම ප්‍රසංග දැන් ප්‍රසංග වලට ප්‍රේක්ෂක ආදරේ නැවතත් ලැබෙන්න පටන් අරගෙන තියෙනවා,

ඉතින් එළිමහන් සංගීත ප්‍රසංග ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි චාමර වීරසිංහ කියන්නේ, 2000 දශකයේ මුල් කාලයේ ඉඳලම චාමර වීරසිංග ලංකාවේ ගොඩක්ම ජනප්‍රියයි, 1988 වසරේ ඔක්තෝම්බර් මස 21වන දින උපන් චාමරගේ උපන් ගම වෙන්නේ මාතර දික්වැල්ලයි, මේ වනවිට චාමර 33වන වියෙහි පසුවෙනවා, ඒ වගේම තමයි ලංකාවේ දීර්ඝ කාලයක් වසරේ ගායකයා ලෙස සම්මාන ලබා ගන්නෙත් චාමර වීරසිංහ විසින්, ඉතින් හැමෝගෙම හදවත දිනාගෙන ඉන්න චාමර වීරසිංග මේ වනවිට විවාහ වෙලා ඉන්නේ ප්‍රසන්ගි වීරසිංහ සමග, චාමරනම් ආදරේට ප්‍රසන්ගිට කියන්නේ සුද්දී කියලා කියලයි අපිට දැනගන්න ලැබුනේ,

ඉතින් අද අපි කියන්නේ යන්නේ චාමර වීරසිංහට ප්‍රසංගයකට ගිහින් වෙච්ච පුංචි කරදරයක් ගැන මේ සිදුවීම වෙලා තියෙන්නේ මීට කාලෙකට කලින් ඉතින් ඒ සිදුවීම ගැන චාමර අයියා ප්‍රසිද්ධ මාධ්‍ය වැඩසටහනකදී කිවුවේ මේ වගේ කතාවක් ” මෙහෙමයි දවසක් අපි ගියා අම්පාරේ ෂෝ එකකට, පර්පල්රේන්ජ් සංගීත කණ්ඩායම තමයි ප්ලේ කලේ, අපේ බෑන්ඩ් එකට කලින් පොඩි බෑන්ඩ් එකක් ගැහුවා පැයක් විතර, අපි ඉතින් හවස එහෙ ගිහිල්ලා වැවක නාලා එද්දී තිබ්බා මාතර බත් කඩයක් අපිත් මාතර නේ ඉතින් මාතර බත් කඩවල්වල කෑම රස නිසා එකෙන් කාලා ඊටපස්සේ ෂෝ එකට ඇවිත් සිංදු පහක් විතර ගහද්දී කට්ටිය ඇඹරෙනවා, මම බෑන්ඩ් සින්ගර් විදියට ඉන්න කාලේ, ඊළඟට බෝබ්මාලිගේද කොහෙද සින්දුවක් කියන්න තිබ්බේ, මම කිවුවා මට රෙවෙයිඕක කියන්න බෑ කියලා මම බැහැලා දිවුවා, අර කලින් බෑන්ඩ් එකක් ගහපු නිසා ඒ මාලිලාටත් දිදී මාරුවෙන් මාරුවට ෂෝ එක ගැහුවේ, අසමෝදගම් බිව්වේ ක්‍රීම් සෝඩා බොනවා වගේ, එදානම් ජීවිතේට අමතක වෙන්නේ නෑ”

Related Posts

Leave a Reply

Your email address will not be published.