‘මට රාජ යෝගයක් තියෙනවා ඒකයි විවාහ වෙන්න බැරි උනේ’ පුෂ්පා මහත්මිය කියන කතාව

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇගෙන් සිදු වූ සේවාව කියා නිම කළ නොහැක. නමින් ඇය පුෂ්පා රම්‍යානි සොයිසා. වසර විස්සකට වැඩි කාලයක් ඇය මේ වන විට සෞඛ්‍ය සේවයට සුවිශාල සේවාවක් ඉටු කර හමාරයි. හෙදියක වූ ඇය මේ වන විට ජාතික පුහුණු පුහුණු කිරීමේ නිලධාරිනියක ලෙස ද කටයුතු කරනවා. අද අපි කතා කතා කරන්න සුදානම් වෙන්නේ ඇය සමඟයි.

පවතින තත්ත්වය එක්ක ඔබ වඩාත් කාර්යබහුල වෙලා නේද, ”මම හෙදියක් විදිහට විවිධ අංශවල රැකියාව කරලා තියෙනවා. මේ බුද්ධි මම ජාතික පුහුණුකිරීමේ නිලධාරීනි තනතුරට ද පත් වෙලා ඉන්නවා. ලංකාව තුළ මේ සංකල්පයට මුල් මුල්කාලයේදී හුරුවක් තිබුණේ නැහැ. හෙදියක් වීම නිසා මට මුල් කාලයේදී බොහෝ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මාව නිතර නිතර රූපවාහිනිය දකිද්දී බොහෝ දෙනා කතන්දර කියන්න ගත්තා. හැබැයි මම කළේ මගේ රැකියාව පමණයි. පවතින තත්වය එක මට බොහෝ ගැටළු වලට තව තවත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ලෙඩ්ඩු පවා බොරු කියනවා. ලොකු කැපකිරීමක් එක්ක තමයි මම මෙතන ඉන්නේ.

ඔබ තවමත් අවිවාහකයි නේද, ”ඔව් මම විවාහයක් කරගෙන නැහැ. මම කැමති වුන දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. හැබැයි එයාලා මට රැකියාවෙන් අයින් වෙන්න කියපු නිසා මම ඒ සම්බන්ධ වලට කැමති වුණේ නැහැ. මොකද මම මගේ වෘත්තියට ආදරෙයි. මගේ අම්මට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමා මගේ විවාහය. හැබැයි මම දුරදිග හිතලා තීරණ ගන්න කෙනෙක්. පාසල් කාලේ වුණත් මට විවාහය ගැන ආසාවක් තිබුනේ නැහැ. පාසල් කාලයේ වුණත් මම එක දේකට කොටු වුණ කෙනෙක් නෙවෙයි. මම කවදාවත් විවාහ නොවුනා කියලා දුක් වෙලා නැහැ. අනික විවාහ නොවුනා කියලා මට කිසිම කෙනෙකුගේ ආදරේ අඩුවක් නැහැ. මට ගොඩක් අය ආදරේ කරනවා. ඒ ආදරය එක්ක මම ජීවත් වෙනවා. පෞද්ගලික ජීවිතය තුළින් මට මේ වෙද්දි නැතිවෙලා තියෙන්නේ විවාහය විතරයි.”

පුෂ්පා කේන්දර විශ්වාස කරන කෙනෙක්ද, ”ඇත්තටම මම කේන්දර විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මගේ අම්මා විස්වාස කරනවා. මම දෙන ගොඩක් අනාවැකි කියලා තියෙනවා කියලා අම්මා කියනවා. මගේ විවාහය මට නොලැබුනෙ නොලැබෙන්නෙ මේ කේන්දරය ගොඩක් බලවත් නිසා යෝග 6 යුතු බලගතු රාජ යෝගයක් තියෙන යෝග හයකින් යුතු බලගතු රාජ යෝගයක් තියෙනවාලු.”

පොඩි කාලේ ඉඳන්ම හෙදියක් වෙන්න ආස කලාද, ”මගේ අක්කා හෙදියක්,එයා තමයි මට හොරෙන් ඉල්ලුම් පත්‍රයක් දාලා මාව මේ වෘත්තියට සම්බන්ධ කළේ, මගේ තාත්තත් වෙද මහත්තයෙක්. හෙදියක් උන මුල් කාලේ මම රැකියාව අතාරින්න පවා හිතුවා. මට ඒ ජීවිතය නී රස උනා. හැබැයි දෛවය වෙනස් කරන්න බැහැ කියලා මට මේ රැකියාවම හිමිවුණා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *