Sat. May 21st, 2022

කෝකිල පවන් ජයසුරිය කියන්නේ මෙරට තරුණ පරපුරේ නැගී එන දක්ෂ රංගන ශිල්පියෙක්. ප්‍රේක්ෂකයින් ඔහුව වැළඳ ගෙන සිටින්නේ විවිධ වූ චරිත ඔස්සේ. කරන චරිතය ඉතා සාර්ථක ලෙස ප්‍රේක්ෂකයින් ඇදබැද තබා ගන්න ඔහු සතුව ඇත්තේ සුවිශේෂී හැකියාවක්. ඉතින් මේ සූදානම ඔහු ගැන කතා කරන්න. ඔබ ක්ෂේත්‍රයට මුලින්ම ඉන්නේ ළමා නළුවෙක් විදිහට නේද, ”ඔව් මම මීට අවුරුදු 16කට විතර කලින් ළමා නළුවකු විදිහට තමයි ක්ෂේත්‍රයට එන්නේ. රංගනය කරන්න දක්ෂතාවයක් තිබුනද කියලා මට හිතාගන්න බැහැ. හැබැයි මට ගායනයට නම් හැකියාවක් තිබුණා. මම පොඩි කාලේ ස්වර්ණවාහිනිය විකාශය වුන හපන් පැදුරට නිතරම සහභාගි වුණ කෙනෙක්. ඔය විදිහට තමයි ටික ටික මම කලාවට ඇතුළත් වුණේ.”

ඔබ රංගනයට ගායනයට අමතරව හොඳ හඬ කැවීම් ශිල්පියෙක් නේද, ”ඔව් හඬකැවීම කියන දේත් මං කරන්නේ පුංචි කාලේ ඉඳලමයි. මුලින්ම මම හඬ කැවීමට සම්බන්ධ වෙන්නේ සිරස ටීවී නාලිකාව සමඟ.ඒ ලැබුණු චරිතයත් එක්ක මට විවිධ ආරාධනා ලැබුණා. ඉතින් අද මම හොඳ හඬ කැවීම් ශිල්පියෙක් වෙලා. සමහරු මාව රූපයෙන් අදුර ගන්නෙ නැතුව මගේ කට හඬින් මාව අඳුරගන්න අඳුර ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මට රඟපානවට වඩා හඬ කවන්න පුළුවන් හොදට. මේ වෙද්දි නිර්මාණ කීපයකටම මගේ හඩකැවිම් දායකත්වය දීලා තියෙනවා.”

ඉදිරියේදී ඔබ බලාපොරොත්තු වෙන කලා කටයුතු කොහොමද, ”වේදිකා නාට්‍ය තුනකට විතර සම්බන්ධවෙලා ඉන්නවා. ඊට අමතරව ටෙලිනාට්‍ය කීපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. පෙම්වතෙක් විදිහටත් ඉදිරියේදී එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අලුත් ගීත කිහිපයකුත් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔය වගේ දේවල් තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.”

අද ඔබ ඉන්න තැන ගැන ඔබට මොකද හිතෙන්නේ, ”මට සතුටුයි මම අද ඉන්න තැන ගැන. විශේෂම ස්තුති මගේ ආච්චිටයි සියාටයි මල්ලිටයි. ආච්චි සීයා නිසා තමයි අද මම මෙතන ඉන්නේ. සියා අපිව දාලා ගියා. හැබැයි ආච්චි මම ළඟ ඉන්නවා. ආච්චි වගේම මගේ ජීවිතයට උදව් කරන ආදරණීය බිරිඳක් මට ලැබිලා ඉන්නවා. ඒ වගේ ම මට හොඳ යාළුවො පිරිසක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මට ආදරේ කරන රසික පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ හැමෝම එක්ක ලොකු ගමනක් යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට මේ තැන හදලා දුන්නේ මගේ රසකයින්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *