Fri. Jan 28th, 2022

කොළඹ ඉතාලිය ටෙලි නාට්‍ය හරහා ජනතාව අතරට එන ඇය දඟකාර කටකාර රංගන ශිල්පිනියක්. නමින් ඇය අමා විජේසූරිය. ඉතින් අද අපි සූදානම් වෙන්නේ අය ගැන කතා කරන්නයි. නිරූපිකාවක් වුණ අමා මේ වෙද්දි රංගන ශිල්පිනියක්. කොහොමද ඒ ගමන මතක් කළොත්, මම ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදිහට. එක්තරා කාලයකදී මට එක්තරා පුවත්පතක මුල් පිටුවට එන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ ඡායාරූපය දැකලා තමයි මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ. මං මුලින්ම රඟපාන්න පිනි ටෙලි නාට්‍යයේ. ඊට පස්සේ පොඩි පොඩි චරිත කරා. අනතුරුව තමයි කොළඹ ඉතාලියේ ටෙලි නාට්‍යය හිමිවෙන්නේ .

ගොඩක් අය කියනවා ඔබට රංජන් රාමනායක සමග සම්බන්දයක් තියනවා කියලා ඇත්තටම ඔබගේ සහ රංජන් රාමනායක අතරේ තිබුණු සම්බන්ධය මොන වගේ ද, ”ඇත්තට මෙහෙම විශේෂ සම්බන්ධයක් නැහැ. ඔහුත් එක්ක මට රඟපාන්න එක්තරා අවස්ථාවක් ලැබුණා. ඒ චිත්‍රපටය තවමත් තිරගත වෙලා නැහැ. එතනින් එහාට මට රංජන් එක්ක එතනින් එහාට කිසිම සම්බන්දයක් නෑ. මට ආදරය කරන්න වෙනම කෙනෙක් ඉන්නවා. එයා මාව ගොඩක් විශ්වාස කරනවා. ඒ වගේම මගේ ගමනට උදව් කරනවා.

ඔබ වෘත්තියෙන් රංගන ශිල්පිනියක්ද, ”මම බිස්නස් එකක් කරනවා .ඒ දේවල් එක්ක සමබරව රංගන කටයුතු කරගෙන යනවා. මං මගේ ජනප්‍රියත්වය වැරදි විදියට භාවිතා කරන කෙනෙක් නෙවෙයි. ව්‍යාපාර කටයුතු රංගනය සමබරව කරගෙන යන්න මට හැකියාවක් තියෙනවා .

ඔබ ඉන්න තැන ගැන ඔබට සතුටුයිද, ”ඇත්තටම මම ඇවිත් තියෙන දුර ගැන මට ගොඩක් සතුටුයි. රංගනය තේක්ක තමා මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවෙන්නේ. පොත්පත් කියවන්න මම ගොඩක් කැමතියි. ඉතින් මං හිතනවා මම ජීවිතේ මේ ඉන්න තැන මම බලාපොරොත්තු වුන තැනක් කියලා. හැබැයි මට තව දුර ගමනක් යන්න තියෙනවා. කොහොම හරි මම මගේ ටාගට් වලට යනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *