මට රංගනට එන්න ආසයි – අමරදේව ශූරීන්ගේ සින්දු කියලා ප්‍රංශය හොල්ලන හෙක්ටර් ගේ සුරූපී දියණිය ඩියෝනා

ගායන ලෝකයේ අති දැවැන්ත චරිතයක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ, කාලයක් නිහඬව හිටපු හෙක්ටර් ඩයස් නැවත කරලියට එන්නේ ‘නිල්වන් මුහුදු තීරේ’ ගීතයේ රීමේක් එකත් එක්ක ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ හෙක්ටර් ඩයස් ගැන නම් නෙවෙයි අද අපේ කතාබහේ කතා නායිකාව තමයි ඩියෝනා ඩයස්, ඩියෝනා කියන්නේ හෙක්ටර් ඩයස් ගේ ආදරණීය දියණිය, හෙක්ටර් ඩයස්ට වගේම ඩියෝනාටත් ගොඩක් සුන්දර විදියට ගීත ගායනා කරන්න පුළුවන්, ඉතින් ඇය මේ දිනවල The Kids Voice France තරඟයට සම්බන්ද වෙලා ඉන්නවා. ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ හෙක්ටර් ඩයස්ගේ ආදරණීය දියණිය ඩියෝනා ඩයස් සමග,

ඩියෝනා දැන් ඉන්නේ ප්‍රංශයේ නේ, ඩියෝනා ඉපදුනෙත් ප්‍රංශයේදීද…? ”මම දැන් ඉන්නේ ප්‍රංශයේ හැබැයි මම ඉපදුනේ ප්‍රංශයේ නෙවෙයි මම ඉපදුනේ 2007 වසරේ අප්‍රේල් 13 වෙනිදා ලංකාවේදී. මට වයස අවුරුදු හතරක් විතර වෙද්දී අම්මයි තාත්තයි තීරණය කරලා අපිව ප්‍රංශයට එක්කගෙන යන්න, මගේ අම්මට ප්‍රංශය කියන්නේ නුපුරුදු තැනක් නෙවෙයි, මොකද අම්මා හැදී වැදුනේ වගේම කැම්පස් දක්වා ඉගන ගත්තේ ප්‍රංශයේ, අම්මා ප්‍රංශයට ඇවිත් තියෙන්නේ එයාට අවුරුදු පහේදී, ඉතින් අම්මයි මමයි දෙන්නම එක වගේ මොකද අපි දෙන්නම දැනට වැඩි කාලයක් ඉඳලා තියෙන්නේ ප්‍රංශයේ”

ඩියෝනා ප්‍රංශයේදී The Kids Voice France රියැලැටි වැඩසටහනට සම්බන්දවෙලා ඉන්නවා, ලංකාවේ කෙනෙකුට මේ තරඟයට සම්බන්ද වෙන්න පුලුවන්ද නැත්නම් මේක කලාතුරකින් වෙන දෙයක්ද..? ”මෙහෙමයි ඕනෑම කෙනෙක්ට මේ තරඟයට සම්බන්ද වෙන්න බෑ, මට මේ දේ එක රයකින් ලැබුන දෙයක් නෙවයි, මම මේ තැනට එන්න වුරුදු ගණනාවක්ම තරඟ වලට සම්බන්ද වෙලා ආව ගමනක් මේ, මුලින්ම 70 000 ක් වගේ අය මේකට සම්බන්ද වෙලා හිටියා, ඒ අතරින් පූර්ව අවසන් වටයට 24 දෙනෙක් තේරුනා, ඊට පස්සේ ඒ 24 අතරින් 12 දෙනෙක් තෝරාගත්තා, ඒ 12 අතරට මමත් ඉන්නවා, මගේ ජීවිතේ අවුරුදු හතක මහන්සිය තමයි මම මේ තැනට ගෙනාවේ”

ඩියෝනා මේ තරඟයේදී ගායනා කරන්නේ මොන වගේ ගීතද ”මාව තෝරගත්තම මට ගීත තුනක් ගායනා කරන්න තිබුනා, ඒ ගීත තුනෙන් එකක් ප්‍රංශයේ ගීතයක් අනිත් එක ඉංග්‍රීසි ගීතයක්, අනිත් ගීතය සිංහල ගීතයක්, මම ඒ වෙලාවේ ගායනා කලේ අමරදේව ශූරීන්ගේ ‘නිම් හිම් සෙවුවා’ ගීතය, අනිත් ගීත දෙකටම වඩා විනිසුරුවන් හොඳම ප්‍රතිචාර දැක්වුවේ සිංහල ගීතයට, හැමෝගෙම අවදානය ලැබුනා ඒ ගීතයට”

ඩියෝනා ගායනයට විතරක් නෙවෙයි රඟපාන්නත් දක්ෂයි නේද..? ලංකාවේ ෆිල්ම් ගොඩක් හැදෙන කාලයක් නේ මේ ඉතින් සිනමාපටයකට ආරාධනාවක් ලැබුනොත් මොකද කරන්නේ..? ”මම රඟපාන්න ආසයි හැබැයි තාම අවස්තාවක් ලැබිලා නෑ, සිනමා පටයකට ආරාධනාවක් ලැබුනොත් මම අනිවාර්යෙන් ඒ වස්තාව ලබාගන්නවා, සිනමාපටයකට විතරක් නෙවෙයි ටෙලිනාට්‍ය උනත් මම රංගනයෙන් දායක වෙනවා හැබැයි හොඳ එකක් නම් විතරයි”

Related Posts

Leave a Reply

Your email address will not be published.