‘මට මොකක්ද වුණේ කියලා මං තාමත් හිතනවා’ ජනප්‍රිය නළු චාමර කියන කතාව

චාමර ප්‍රියදර්ශන කියන්නේ නවක යොවුන් පරපුරේ රංගන ශිල්පියෙක්.ඔහුගේ හැකියාවට බොහෝ දෙනෙක් ඇලුම් කරනවා. ඒ ආදරණිය රංගනයන් රසිකයන්ගේ හදවත් තුළ නොමැකී සටහන් වෙනවා. නමුත් මෑත කාලයේ නිර්මාණ තුළ ඔහුව දැකිය නයටිකුරු කරමින් ඟඟග වෙන්න කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු නොසිතූ ලෙස අනතුරකට මුහුණ දෙන්නේ තමන්ගේ ජීවිතය උඩු යටිකුරු කරමින්. ඉතින් මේ සූදානම ඔහු ගැන කතා කරන්නයි.

ඔබ නළුවෙක් වෙන්න ආපු ගමන ගැන මතක් කළොත්, ”මම දැකපු ලොකුම හීනෙ තමයි කවදහරි නළුවෙක් වෙනවා කියන එක. ඒහිනේට යන්න මම ගොඩක් දුක් වින්දා. මම නළුවෙක් වෙන්න කලින් මේසන් බාස්ලාට අත්වැඩ පවා දුන්නා. හැබැයි අද මම පාරේ යනකොට ගොඩක් අය මාව අඳුරනවා. ඉතින් මම සතුටු වෙනවා මම ආපු ගමන ගැන. මට මගේ ගමන පටන් ගත්ත තැන අදටත් හොඳට මතකයි. කොහොමත් චාමර කියන්නේ මුල මතක තියෙන කොල්ලෙක්.”

චාමර කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වෙද්දි ඔහුගේ අනතුර කලා ක්ෂේත්‍රයට ඔහු නැති අඩු දැනෙන්න ගත්තා. ”කාලයක් රෝගාතුරව සිටි චාමර දැන් තරමක් සුවය ලබද්දී ඔහුගේ දැන් තත්වය ගැන විමසන්න ද අපි අමතක කළේ නැහැ, මට තව එක ශල්‍යකර්මයක් කරන්න තියෙනවා. මම විශ්වාස කරනවා එකෙන් පස්සෙ මම හිටපු විදියටම නැවත පත් වේවි කියලා. ඒකට තව මාස හතර පහක් යාවි. ගිය අවුරුද්දේ පෙබරවාරි 15 තමයි මම අනතුරට ලක්වුනේ. කළුබෝවිල මූලික රෝහලේ දින විස්සක් පමණ මම රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා. ඒ කාලේ මාස හතර පහක් වන තුරුම මට කිසිම දෙයක් මතක නැහැ. අඩුම මම කවුද මාව බලන්න ආවේ කවුද කියන්න මම දන්නේ නෑ. කොහොම හරි මාස හතර පහක් ගෙවුණට පස්සෙ තමයි මම දන්නේ මම අනතුරක් වෙලා රෝහල්ගත වෙලා රෝහලේ ඉන්නවා කියන්න.”

ඔබත් සමඟ අනතුරට මුහුණ පෑවේ දිනේෂ්. ”නමුත් ඔහුට සීරීමක්වත් සිදුවෙලා තිබුණේ නැහැ. ඔහු ඔබ ලඟින්ම මේ වෙනතුරුම ඉන්නවා නේද, ඔව් එදා බයික් එක අරන් ගියේ දිනේෂ්. ඒ අනතුරින් දිනේෂ්ට සීරීමක්වත් සිද්ධ වුණේ නෑ. දිනේෂ් අදටත් මම ළඟින්ම ඉන්නවා. ඇත්තටම ඔහුට හිතාගන්න බැහැ අපිට මොකක්ද වුනේ කියලා. මටත් හිතාගන්න බෑ මට මොකද වුනේ කියලා. මම අදටත් හිතනවා ඇත්තටම එදා සිද්ද වුණේ මොන වගේ දෙයක්ද කියලා. කෙටියෙන්ම මට වුන දේ මටවත් හිතාගන්න බැහැ. මම මෝටර් සයිකල් පදින කෙනෙක් නෙවෙයි. අනික රෑ ගමන් යන කෙනෙකුත් නෙවෙයි. හැබැයි එදා මොන දේකට හරි ඒ හැමදේම සිද්ධ වුණා. මොනව උනත් මම සතුටු වෙනවා අපි දෙන්නගෙම ජීවිත බේරුන එකට.”

චාමර මේ වෙද්දි සුව අතට හැරෙමින් පවතිනවා. ඉතින් මොකද හිතෙන්නේ, ”මගේ පවුලේ අය මාව ගොඩ දාන්න ගොඩක් උත්සහ කරනවා. එයාලා මට නොපෙන්නා අඬන වාර අනන්තයි. මාව එයාලා බලාගන්න පොඩි ළමයෙක් වගේ. මගේ මතකය පවා ගන්න එයාලා ගොඩක් මහන්සි වුනා. ඒ වගේම මට ගොඩක් අය ආශිර්වාද කළා. මට කලා ක්ෂේත්‍රයේ ගොඩක් අයත් උදව් කළා. මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ දෙයක් කිසිම කෙනෙකුට වෙන්න එපා කියලා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *