‘මට මේ හිනාව ලැබුනේ අම්මගෙන්’ ජනප්‍රිය නිවේදන ශිල්පිනිය තනූජා කියන කතාව

වසර 22කට වැඩ වැඩි කාලයක් නිවේදිකාවක් ලෙස ජනප්‍රිය වු ඇය නමින් තනුජා ජයවර්ධන. ඇය අදුරගත්ත කාලයේ පටන් මේ කාලය වෙනතුරුම ඇයට ප්‍රේක්ෂක ආදරේනම් අඩුවක් නෑ. ඉතින් ඒ නිසාම අද අපි තිරණය කලා ලස්සන විමේ රහස් ගැන කතා කරන්න ඇයව තෝරගන්න. තනුජා කියන්නේ නිතරම හිනා වෙලා ඉන්න කෙනෙක්. ඒ නිසාම ඒ ගැන අප් මුලින්ම කතා කලා, “මගේ හිනාව මට පවුලෙන් ලැබුන දෙයක්. මගේ අම්මාගෙන් තමා ඒක මට උරුම වුනේ. අපේ හිත් නිදහස්නම් අපේ මුහුණට ආයාසයෙන්ම හිනාවක් එනවා. සමහර වෙලාවට වැඩසටහන් කරද්දි පවා මට හිනා යනවා. ඒ වෙලාවට නිෂ්පාදකවරු මට හිනා වෙන්න එපා කියනවා. අපි හිනාවෙලා ඉද්දි අපිට නොදැනුවත්වම අපේ ශරිරයේ ලේ පිරිසිදු වෙනවා.”

සිතුවිලි වලින් ඔබ තරුණ නිසාමද මේ තරම් තරුණ පෙනුමක් තියෙන්නේ, “ඔව් ඇත්තටම, මම ගොඩක් ආශ්‍රය කරන්නෙත් තරුණ අය. වැඩිහිටියෝ ආශ්‍රය කළත් ඒ අයගේ අදහස් තරුණයි. ඒ නිසා මගේ සිතුවිලි කොහොමත් තරුණයි. මම හිතන්නේ මගේ තරුණ බවේ රහසත් ඒක වෙන්න ඇති”

කාන්තාවකට ලස්සන කියනදේ වැදගත් කියලා තනුජා හිතනවද? “මම හිතන්නේ කාන්තාවකගේ ලස්සන කියන්නේ ඇය සතු ශක්තියක් විදිහට. ලස්සන කියන දේට වඩා කාන්තාව සතු පෞර්ෂය තමා වැදගත්. කාන්තාවක් සතු දක්ෂතාවය හදුනගෙන ඇය දිගු ගමනක් යනවනම් ඒ තමා ඇය සතු දක්ෂතාවය මම දකින විදිහට. මගේ දෙමාපියන් මට නිතරම කිවේ මානුෂිය ගුණ ධර්ම වලින් පෝෂණය වෙන්න කියලා. මොකද මානුෂිය ගුණ ධර්ම වලින් පිරුණු ගැහැණියට පොළොවේ පය ගහලා ජිවත් වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම ජිවත් වෙනවනම් ඒ තරම් මේ ලෝකේ සුන්දරම කාන්තාව.”

වර්තමානයේ ගොඩක් අය ලස්සන කියන්නෙ සම සුදු කරගන්න එකටද? “ඔව් මටත් ඒ වගේ දේවල් කරන ප්‍රචාරණ වැඩසටහන් වලට ආරාධනා කරලා තියෙනවා. හැබැයි මමනම් ඉදිරිපත් වෙන්නේ නෑ. මොකද එහෙම දේවල් දකිද්දි මට ඇති වෙන්නේ අනුකම්පාවක්. මමනම් කවදාවත් ඒ වගේ දේවල් පාව්ච්චි කරන්නේ නෑ. අපි සම සුදු කරගන්න පාව්ච්චි කරන දේවල් වලින් ළමයෙක්ට පොත් ටිකක් අරන් දෙන්න පුළුවන්.”

ලස්සන වෙන්න කියලා තනුජා විශේෂයෙන් කරන දේවල් මොනාද? “ඒක ඡන්ම ප්‍රාතිහාර්යක්. මම ඇත්තටම ලස්සන වෙන්න කියලා කිසි දෙයක් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මම මගේ නිරෝගිකම ආරක්ෂා කරන කෙනෙක්. මොකද එහෙම වුනහම අපිට ලස්සනට ඉන්න පුළුවන් කියලා මම විස්වාස කරනවා. මම හැමදාම කන්නේ බොන්නේ මගේ අම්මා තාත්තා අතින් හදන කෑමබීම. මට ලොකු වගකිමක් නැතිනිසා මට මම ගැන හිතන්න කාලය තියෙනවා. මම ගොඩක් සතුටින් ජිවත් වෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *