මට මයික් එක හපාගෙන වුනත් සින්දු කියන්නන පුළුවන් – දුලීකා මාරපන

රංගන ශිල්පිනියක් විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුලීකා මාරපන කියන්නේ, රංගනය පිලිබඳ හොඳ අධ්‍යාපනයක් සහ හොඳ ප්‍රගුණ කිරීමක් සමග රංගනයට පිවිසුන දුලීකා ලංකාවේ ඉන්න චරිතාංග රංගන ශිල්පිනියන් අතලොස්සගෙන් කෙනෙක් විදියටත් හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගෙන ඉන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දුලීකා මාරපනයි’

දුලීකා අපි දැක්කා අලුත් විලාසිතාවක් කරලා තියෙනවා, ඇයි එකපාරටම වෙනස් වෙන්න හිතුවේ..? ‘මෙහෙමයි මට ගීත කිහිපයක් නිර්මාණය කරන්න අවශ්‍ය වුනා, ඒ ගැන මම මගේ යාලුවෙක්ටත් කියලා තිබ්බේ, හැබැයි සාම්ප්‍රධායික නොවන වෙනස්ම විදියේ වැඩක් කරන්නයි මට ඕන වුනේ, එහෙම කාලයක් යද්දී යාලුවා සින්දු කිහිපයක් අරගෙන ඇවිත් ඇහුවා මේක හොඳයිද කියලා, එතන සින්දු 18ක් විතර තිබ්බා මොකක් තෝරගන්නද කියලා මට හිතාගන්න බැරිවුනා, පස්සේ මම ගීත තුනක් තෝරාගත්තා, ඒ නිර්මාණ වලට තමයි මම මගේ පෙනුම වෙනස් කරගත්තේ, ඇත්තටම මේක ලොකු වෙනසක්”

දුලීකා ලංකාවේ කැමතිම ගායන ශිල්පිනියක කවුද..? ”මෙහෙමයි ඒක කාලෙන් කාලෙට එක එක අයට වෙනස් වෙනවා, හැබැයි මම ඉස්සර ඉඳන්ම නන්දාමාලනී මහත්මියගේ ගීතවලට ගොඩක් ආසයි, ඒ වගේම දැන් බිහිවෙන අලුත් ගායකයන්ගේ ඒවටත් ආසයි, ප්‍රසංග වේදිකාවේ සින්දු කියන අයටත් ආසයි, ගායනය පැත්තෙන් මාව ගත්තොත් මම මයික් එක හපාගෙන සින්දු කියන කෙනෙක් නෙවෙයි, හැබැයි අවශ්‍ය වුනොත් එහෙම කරන්නත් පුළුවන්”

අලුත් මියුසික් වීඩියෝ එක ටිකක් සරාගී, ඉතින් මේ වගේ නිර්මාණයකින් මොනවද සමාජයට දෙන්න ඕන වුනේ, ‘මෙහෙමයි මම මොන නිර්මාණය කලත් මම ඒවා කරන්නේ මගේ ආත්ම තෘප්තියට, ඒ වගේම මගේ විනෝදයට, මම තෘප්තිමත් වෙන දෙයක් මම කලාම එකෙන් ප්රෙක්ෂයන් තෘප්තිමත් වේවි කියලා මම හිතනවා, මම රාඝධාරී සංගීතය හදාරපු කෙනෙක්, හැබැයි ඉතින් මේ විදියේ රිද්මයන් තියෙන ගීත ඕනෑම කෙනෙක්ට ගායනා කරන්න පුළුවන් නේ, හැබැයි මට සරාගී ගීතය ඕනෑම කෙනෙක්ට මුමුනන්න පුළුවන් ඒ ටෙම්පෝ එක සමාජයට දෙන්නයි මට ඕන වුනේ”

Related Posts

Leave a Reply

Your email address will not be published.