Tue. May 17th, 2022

තිලිණි පෙරේරා කියන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ දක්ෂ නිවේදිකාවක්. පහුගිය දිනක දිලිනි විසින් ස්වර්වාහිනි නාළිකාවෙන් ඉල්ලා අස්වුයේ ලිපියක්ද ලියා තබමින්. තිළිණි ස්වර්ණවාහිනියට බැඳුණු මුල් කාලයේ මතකය ගැන මතක් කළොත්, 2010 සැප්තැම්බර් මාසෙ තමයි මම ස්වර්ණවාහිනියට එන්නේ. මම ඒ වෙද්දි උසස් පෙළ ඉවර ද කරලා. අවුරුදු විස්සක් වගේ වෙනවා ඒ වෙද්දි මට. කොහොම වුනත් මම පොඩිකාලේ ඉඳන්ම නිවේදනය වගේ වැඩ කටයුතුවලට ආස ගැන. ඒ කාලේ ස්වර්ණවාහිනී line-up එක වුණත් මට කට පාඩම්. ඒ තරමට මමස්වර්ණවාහිනියට ආදරය කළා. ඒ කාලයේ ස්වර්ණවාහිනියේ වැඩ කරපු අයත් මාරම හොඳයි. එනිසාම මම ආසාවෙන් වැඩට ගියා.

ඔබ නැවත කිසි දිනෙක කිසිම මාධ්‍ය ආයතනයක පුර්ණ කාලින සේවිකාවක් වශයෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද, ආයේ කිසිම දවසක කිසිම ආයතනයක මම පූර්ණකාලීන නිවේදිකාවක් විදිහට වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පහුගිය කාලේ කාලේ සිද්ද වුණ දේවල් එක්ක මට ලොකු කලකිරීමක් ඇති වුණා. අපි මාරම කැපවීමකින් රැකියාව කරපු අය. ඒත් එහෙම කරලා වත් වටිනාකමක් තිබුනේ නැහැ. අපි අපේ රාජකාරි උපරිම කරත් අපි නොහිතපු විදිහට අපිට චෝදනා කරලා මානසික පීඩා ඇති කරලා තමයි අපිව අද මේ තත්වෙට පත් කළේ. මේ හැමදේම එක්ක මම ආය ස්ථිර රැකියාවකට යන්නේ නැහැ කියලා හිතා ගත්තා. කොහොම උනත් මම අකමැතිම දෙයක් තමයි බොරුවට චෝදනා කරන එක. කවුරු මොන කටකතාව එළියට දුන්නත් ස්වර්ණවාහිනිය ඇතුළේ සිද්ධ වුණ දේවල් දන්න අය දන්නවා. අපි එයාලා එක්ක ප්‍රශ්න ඇති කර ගත්තෙ නැතත් එයාලා කියනවා අපි එක්ක වැඩ කරන්න බැහැ කියලා. ඉතින් ඒ දේවල් එක්ක හිත කලකිරෙනවා.

ඔබ ලබා ගත්ත සම්මාන ගැන මතක් කළොත්, මට මුලින්ම සම්මානයක් හිමිවෙන්නෙ 2015 වර්ෂයේ සුමති සම්මාන උළෙලේදී. ඒ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව විදිහට. ඊට පස්සේ වැඩසටහන් ඉදිරිපත් කරලා 2019 රයිගම් සම්මාන උළෙලට නොමිනේට් වුණා. ඒ සම්මාන උළෙලේ මම නොමිනේට් වුනේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට නෙමෙයි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස. ඒ ගැන මම ගොඩක් සතුටු වුණා.

ඔබ මේ වෙද්දි නීතීඥවරියක් ද වෙනවා නේද, මම 2020 දි තමයි නීතිඥවරියක් විදිහට දිවුරුම් දුන්නේ. මට උපාධිය ගන්න අවුරුදු හයක් ගියා. මොකද ස්වර්වාහිනි වැඩ කරන අතරේ උපාධි වැඩ කටයුතු කරගන්න මට අමාරු වුනා. හැබැයි මම තේරුම් ගත්ත එක්කම දේ තමයි අපි අධ්‍යාපනය අතින් සාර්ථක වෙන්න අපි අපේ අධ්‍යාපන මට්ටම ගොඩනගා ගන්න ඕන කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *