Sat. May 21st, 2022

ධර්මප්‍රිය ඩයස් කියන්නේ පුංචි තිරය තුළ නමක් දිනාගත්ත දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔහු විටෙක රඟපානවද නැද්ද යන්න තරමට ප්‍රේක්ෂකයින්ට සැකයක් දැනෙන්නේ ඒ තරමට ඒ චරිත තාත්වික නිසා. ඔහු දෙවැනි ඉනිම තුළ ජනප්‍රිය වුණත් මේ දිනවල නැවතත් ප්‍රේක්ෂකයින්ට අලුත් චරිතයක් ඔස්සේ ළඟා වෙන්නේ ස්වර්ණවාහිනියේ බොහෝ දෙනෙක් ආදරය කරන නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය බිංදු සිරි චරිතය හරහා. ඒ නිසාම අපි බිංදු සිරි ගෙන් කතාව පටන් ගන්න හිතුවා, ”මම මේ ටෙලිනාට්‍යයට එන්නේ කුකුලා මුදලාලි ගේ සහෝදරයා විදිහට. මේ චරිතය කතාව තුළට එන්නේ හරි අහම්බෙන්. මගේ චරිතය හරියට දුවන කෝචිචියකට පැන්නා වගේ. බිංදුසිරි කියන චරිතය නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය තුළ හදාගන්න මට ගොඩක් අය උදව් කලා.”

අංගම්පොර දැනගත්තේ කොහොමද, ”ඇත්තටම මම අංගම්පොර බලපු කෙනෙක් විතරයි. කවදාවත් අත්හදා බලල නැහැ. හැබැයි චරිත තුලදි මට ඒක කරන්න සිද්ධ වුණා. එහිදී ප්‍රේක්ෂකයන්ට වුණත් දැනෙන්න ඇති මම එහෙම දේවල් දන්නේ නැහැ කියලා. මම වයස අවුරුදු දාහතර වගේ බොක්සිං ක්‍රීඩා කරා. අවුරුදු 18 ඉදන් 30 වගේ වෙනකම් වුෂු සෙල්ලම් කරා.”

ඔබට ඔබ ගැන දැනෙන්නේ කොහොමද, ”මම එදා ඉඳන්ම වැඩ කරපු කෙනෙක්. ගෙදර අය නම් කියනවා මට පොඩි විවේකයක් ගන්න කියලා. හැබැයි මම කැමැතියි දිගටම වඩා කරන්න. වැඩක් නොකර ප්‍රේක්ෂකයින් අතර ඉන්න මම කැමති නැහැ. හොඳම චරිත හරිම දේ රසිකයන්ට දෙන්නයි මට ඕන.වෘත්තීයෙන් මම ගුරුවරයෙක් ද වෙනවා. ඉතින් ඒ නිසාම ඒ කටයුතුත් කරගෙන ජීවිතේ ඉස්සරහට යනවා.”

ඔබට ලැබෙන ප්‍රතිචාරයග ප්‍රතිචාර ගැන කතා කළොත්, ”ඇත්තටම මට ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මටවත් හිතාගන්න බැරි විදිහට ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර මට වටිනවා. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ආනන්දගේ චරිතයට වගේම නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය බිංදු සිරිගේ චරිතයටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මට සතුටු වෙන්න පුළුවන් මම රඟපාන චරිත ගැන.ප්‍රේක්ෂකයින්ට දැනෙන්න දෙයක් රඟපානවා කියලා මම හිතනවා.”

ඔබට චිත්‍ර අඳින්න පුළුවන් කියන්නේ ඇත්තද, ”මට පත්වීම ලැබුණේ චිත්‍ර අංශයෙන්.ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්ණයක් තමා ඕක. ඕක යාලුවෙක් මාර්ගයෙන් ඇති වුන කතාවක්. දවසක් සමාධි ලක්සිරි අයියා මගෙන් ඇහුවා ටිච්න් කරනවා නේද මොනවද විෂය කියලා. එදා මම කිව්වා චිත්‍ර කරන්නේ කියලා. ඉතින් ඔය විදියට ඔය කතාව දිගින් දිගටම යද්දි හැමෝම මගෙන් අහන්න පටන් ගත්තා චිත්‍ර අඳින්න පුළුවන් ද කියලා. යාළුවෝ අතරේ ගියපු ඔය කතාව තමයි හැමෝම අතර ජනප්‍රිය වුණේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *