ලංකාවේ සිනමා රසිකයන් හැමෝම වගේ ඉන්දීය සිනමාවට ගොඩක් කැමතියි, ඒ වගේම අපි හැමෝම ඉන්දීය රංගන ශිල්පීන්ට වගේම ශිල්පිනියන්ටත් ගොඩක් ආදරෙයි. ඉතින් ඒ වගේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දකුණු ඉන්දීය සිනමාවේ සිටින දක්ෂතම සහ සරාගී නිළියක් ලෙස සමන්තා රූත් හදුන්වන්න පුළුවන්, සමන්තා ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය චරිතයක් වූයේ නානි චිත්‍රපටය තුළින්, විතරක් නෙවෙයි සමන්තා විජේගේ ‘තේරී’ සහ සුර්යාගේ ’24’ චිත්‍රපට තුළින් රසික හදවත් තුළ රැඳෙන්න ඇය සමත්වුනා, ඇය මේ වන වනවිට දෙමළ තෙළිඟු හින්දි චිත්‍රපට හැටකට අදික සංඛ්‍යාවකට සිය දායකත්වය ලබාලා තිනවා.
කෙසේ වෙතත් ඇය විවාහ වී සිටියේ චයිතන් නාගර්ජුන් සමග. නමුත්ඔ වුන්ගේ විවාහය මේ වන විට දික්කසාදයක් බවට පත් වී හමාරයි. පහුගිය දිනෙක සමන්තා සමාජ මාධ්‍ය ඔස්සේ පවසා සිටියේ ඇය මෙම වසරේදී දරුවෙකු බිහි කරන බව, ඒ කොහොම වුණත් ඇය මේ වන විට තනිකඩ ජීවිතයක් ගතකරනවා ඒ වගේම මේවනවිට ඇය ව්‍යාපෘති ගණනාවකට ඇය සියා දායකත්වය ලබාදෙමින් සිටන බව ද අපට පැවසුවා.
ඇයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් ලෙස ද බොහෝ දෙනා හඳුනනවා. ඇය වැඩිපුරම කාලය ගතකරන්නේ ද සමාජ ජාලා අනුගාමිකයින් සමග. පහුගිය දිනෙක ඇය ගැන විවිධ කටකතා රැසක් පැතිරුණා. ඒ ඉන්දීය ප්‍රසිද්ධ නළු ධනුෂ් සමග සම්බන්ධ තාවයක් තිබෙනවා බවට, කොහොම වුනත් මේ කටකතා පිලිබඳ සමන්තා කිසිම ප්‍රකාශයක් සිදුකරලා නෑ.