‘මට බඳින්න කියලා බලකරන්න කෙනෙක් නෑ’ ජනප්‍රිය නිලි සමාධි කියන කතාව

දිවිතුරා ටෙලිනාට්‍ය තුළින් සමාජ ගත වු නවක රංගන ශිල්පිනියක් වුන ඇය කොණ්ඩේ කර්ලි නිසාම වැඩිපුර ජනප්‍රිය වුනා. නමින් ඇය සුධික්ෂා සමාධි. ඉතින් මේ කතා බහ ඇය ගැනයි. මුලින්ම අපි ඇයට ලැබෙන රසික ආදරයෙන්ම කතාව පටන් ගත්තා. “ඇත්තටම ඒක මාරයි. ඒ ආදරේ ගැන කොහොම කියන්නද මටම තේරුම් ගන්න බෑ. මම ගොඩක් රසික රසිකාවියන්ගේ ආදරයට ප්‍රතිචාර දක්වනවා. මට ලියුම් පවා එනවා රසිකයන්ගෙන්. ඇත්තටම මම වයසට ගියත් මට මේ ආදරය මතක තියේවි.”

විවාහ වෙන්න අදහසක් තියෙනවා කියලා ආරංචි. “අපොයි මම තාම එහෙම දේවල් ගැන හිතලා නෑ. මම පොඩි කාලේ ඉදන් කලාවට ආදරේ කෙනෙක්. පාසල් කාලේ ඉදන් මම කලාවටම ආස නිසා මට අනිත් දේවල් ගැන හිතන්න වෙලාවක් නෑ. විවාහ කියන දේත් වෙන්න ඕන. මොකද ජිවිතේ ඒ දේවලුත් අපිට ඕනනේ. තවම මට ගෙදරිනුත් බලපෑමක් නැති නිසා පාඩුවේ ඉන්නවා. මේ නිදහස තව ටික කාලයක් විදිනවා.”

සුධික්ෂා කලින් කරපු රැකියාවෙන් අයින් වුනාද? ”නෑ මම තවම ට්‍රැවල් ඒජන්සියක ජ්‍යෙෂ්ඨ ගිණුම් සහයිකාවක් විදිහට වැඩ කරනවා. දැනට තාවතාලිකව මේ තත්වය එක්ක ඒ රැකියාව අතරමඟ නතර කරලා. ඉතින් ඒ නිසා වෘත්තිය විදිහට මට දැන් රංගනය කරගෙන යන්න පුළුවන්. හැබැයි රංගනයට මට රැකියාව කරන තැනිනු⁣ත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ අතින් මම හැමදේම සමබරව කරගෙන යනවා.”

දිවිතුරා ටෙලිනාට්‍ය නිසාම රැප් කියන්නත් අවස්ථාව ලැබෙනවා නේද? “ඇත්තටම මම නෙවෙයි ඒ ගායනය කරන්නේ. අප්සි කියන ගායිකාව තමා එක ගායනා කරන්නේ. හැබැයි මම රැප් එක දවස් හතරක් පහක් පාඩම් කරනවා. මොකද ඒ ගිතයේ වචන මගේ තොල් වලින් පිට වෙන්න ඕනි නිසා. එහෙම නොවුනොත් චරිතය අසාර්ථක වෙනවා. ම⁣ම රඟපෑවට මෙතන මමයි ගායිකාවයි එකම විදිහට බද්ධ වෙලා ඉන්නේ”

Leave a comment

Your email address will not be published. Required fields are marked *