‘මට පූර්නිකාට හිතගියේ 2016දී හැබැයි ඒ දවස්වල අපි වැඩිය මීට් උනේ නෑ’ පේෂල මනෝජ් කියන කතාව

ජාත්‍යන්තරයට නම රැගෙන ගිය කලාකරුවන් අතලොස්සක් අතරින් ඔහුද එක් අයෙක්. සංගීතයේ මෙන්ම නිවේදනයේද තම නම රැකගත් ඔහු නිපුන් පේෂල මනෝජ්. සමාජ මාධ්‍ය හරහා ටික කලකට ඉහත ඔහු ගැන බොහෝ සෙයින් කතා වු නිසාම අපි හිතුවා අද ඔහු ගැන කතා කරන්න. පහුගිය දිනවල පේෂල වැඩිපුරම කතාවට ලක්වුයේ පුර්ණිකා සමඟ විවාහ විමත් සමඟ. ඔහු මේ දිනවල පිය පදවියටද උරුමකම් කියා අවසන්. මානසික නිදහස උපරිම ලෙස භුක්ති විදින පේෂල සල්ලි මත ජිවිතේ හොයන කෙනෙක් නම් නෙවෙයි.

පුර්ණිකාට හිත ගියේ කොහොමද? “ඇත්තටම මට පුර්ණිකාට හිත ගියේ 2016 අවුරුද්දේ. ඒ දෙරණ වැඩසටහන් කිහිපයක් ඇය සම්බන්ධ විමත් එක්ක. හැබැයි අපි නිතරම මුණ ගැසුනේ නෑ. කාලයක් බලන් ඉදලා මම මගේ හිතේ ඇතිවුන යෝජනවා පුර්ණිකාට කියනවා. ඉතින් අවසානේ මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙනවා.”

පුර්ණිකා කියන්නේ කලින් විවාහ වුන කෙනෙක්. ඉතින් ඒක ඔබට ප්‍රශ්න වුනේ නැද්ද? “නැහැ කොහෙත්ම නෑ. මොකද ආදරය කසාදය කියන දේ රදා පවතින්නේ විස්වාසය, කැපකිරිම, අනිකාට ගරු කිරිම, මානුෂික ගුණධර්ම කියන සාධකය මත. එහෙම බලද්දි පුර්ණිකා කියන්නේ ඇත්තටම මට ඕනිවටත් වඩා ගැළපෙන කෙනෙක්. ඒ හැමදේම තියෙනවනම් මට පුර්ණිකාගේ අතිතය කොහෙත්ම වැඩක් නෑ. මම එයාගේ අතිතය හොයලා ප්‍රශ්න ඇතිකරගන්න කැමති නෑ”

ඉදිරියට ජිවිතේ බලාපොරොත්තු මොනාද? “මට ඕනි පුර්ණිකා දරුවෝ එක්ක සතුටින් ජිවත් වෙන්න. ඒ වගේම මගේ, පුර්ණිකාගේ පවුල් දෙකේම දෙමාපියන් ආදරයෙන් බලාගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ඇරෙන්න ජිවිතේ ලොකු බලාපොරොත්තු මට නෑ. මම වෘත්තිය මට්ටමෙන් ජිවිතේ ඉස්සරහට ගිහින් ඉන්නවා. ඉතින් මට පෞද්ගලිකව ඇත්තටම දැන් ඕනි සතුටින් ජිවතේ ගෙවන්න. මම හොද දේවල් යහපත් දේවල් කරන්න කැමතියි.”

ඔබ කේෂ්ත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද ? “2009 වසරේ ස්වර්වාහිනියේ විසේකාර අලංකාරය කියන වැඩසටහනින් තමා මම ගමන පටන් ගන්නේ. ඊට පස්සේ චන්දන අයියාගේ ආරාධනයෙන් 2011 වසරේ දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයේ විනිසුරුවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ තමා ජිවිතේ වෙනස් කරපු තැන. එතන ඉදන් විවිධ මාවත් ඔස්සේ මම රසිකයන් අතර ආවා. අද වෙද්දි මම නිවේදකයෙක් වෙනවා.”

මේ තරම් දුර එන්න ඒ කියන්නේ කලා ලෝකයේ ජයගන්න ඔබ ළග තියෙන රහස කුමක්ද? “මම කිසිම කෙනෙක් රවට්ටලා මේ ගමන යන කෙනෙක් නෙවෙයි. බොහොම අවංකව තමා මම මේ ගමන යන්නේ. අනික මම පොළවේ ජිවත් ජිවත් වෙන කෙනෙක්. මම මුලක ඉදන් නැගිටපු කෙනෙක්. ඒ නිසා මම දන්නවා ජිවිතේ මේ තැනට එන්න වුන මහන්සිය.

මම ඒ නිසාමයි සරලව ජිවත් වෙන්නේ ඒක මට ලොකු සැනසීමක්. සමහර විට ඒකම මට ආශිර්වාදයක් වෙන්න පුළුවන් මේ තරම් දුර කලාවෙන් පවා එන්න. මම මට වඩා ඉහළ ප්‍රවිණයන්ට පවා ගරුකරන කෙනෙක්. ඉතින් මම විස්වාස කරනවා මට කොතනකවත් වරදින්නේ නැති වෙයි කියලා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *