Sat. Jun 25th, 2022

මේ දවස්වල ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය තමයි ‘නාඩගම්කාරයෝ’ කියන්නේ, ඉතින් මේ ජනප්‍රියත්වය නිසාම මෙම නාට්‍යයේ රඟපාන නළු නිළියන්ටත් ලාංකේය ගොඩක් ආදරෙයි, ඉතින් මේ විදියට ‘නාඩගම්කාරයෝ’ නිසා ජනප්‍රිය වුන චරිතයක් තමයි මාස්ටර්ගේ පොඩි දුව, ඇය නමින් නිම්මි මනෝහාරී, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ නිම්මි මනෝහාරී සමග,

නිම්මි අපිට කියන්න බලන්න ඔයාගේ පාසල් කාලයේ විස්තර ”මම එකවසරේ ඉඳන් 13 වසර දක්වාම පාසල් ගියේ මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලට, ඉස්කෝලේ ගිය පලවෙනි දවසේවත් මම ඇඬුවේනෑ මම ඒ කාලේ ඉඳන්ම ෆෝවඩ් චරිතයක් ඕනෑම කෙනෙක් එක්ක මම කතා කරනවා ඒ වගේම ගොඩක්ම දඟයි, ඒ කාලේ හැමෝම වගේ මගෙත් එක්ක ෆිට් පුංචි කාලේ ඉඳලම මම ඉස්කෝලේ කැපී පෙනෙන චරිතයක්, මම කිසිම දෙකට බය නෑ, ඕනෑම දෙකට ඉදිරිපත්වෙනවා පාසලේ මාධ්‍ය අංශයේ වගේම සාහිත්‍ය අංශයේ මුල්තැන අරගෙන වැඩ කලේ මම”

නිම්මිගේ පාසල් ප්‍රේමයට මොකද වුනේ ”මොනවා හරි වෙන්න පාසල් ප්‍රේමයක් තියෙන්න එපැයි මට පාසල් ප්‍රේමයක් තිබ්බේ නෑ, මට පිරිමි යාළුවො ගොඩක් හිටියා, අපි හොරාට ගස්වලින් එක එක ඒවා කඩාගෙන කනවා හොරකමටම නෙවෙයි ඒවා කලේ ජොලියට අපේ කාලේ ගෙවුනේ ඒ විදියට එහෙම නැතුව වෙන වෙන සම්බන්දකම් පාසල් කාලේ මට තිබ්බේ නෑ, ආදර යෝජනාත් වැඩිය ඇවිල්ලත් නෑ පාසල් කාලෙනම්, මම පාසල් කාලේ පුදුම විදියට වින්දා ඒවා මතක් වෙද්දී ආයේ පාසල් යන්න හිතෙනවා, ඇත්තටම මගේ ජීවිතේ සුන්දරම කාලය තමයි ඒ,