Sat. May 21st, 2022

මේ වනවිට හැමෝම අතර ගොඩක්ම ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම කියන්නේ. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දෙවෙනි ඉනිම නාට්‍යයේ දෙව්මිගේ අම්මා සමග. ඇය නමින් අංජලී ලියනගේ සමග, ඉතින් අපි ඇයගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුනා අංජලීට පුංචි කාලයට යන්න අවස්ථාවක් ලැබුනොත් අංජලී යන්න කැමති කොයි කාලෙටද? ”අනේ ඇත්තටම එහෙම යන්න පුළුවන් නම් මම යන්නේ මගේ පුංචි කාලෙට. මොකද දරුවෝ විදියට ඒ කාලේ අපිට කිසිම බරක් නෑ. දුකක් දැනුනත් ඒ පොඩි වෙලාවකට විතරයි. අම්මා, තාත්තා, සීයා වගේම ගෙදර අයත් එක්ක හිටපු ඒ සුන්දර කාලයට මම අදටත් ආසයි. ඒ කාලයට ආයේ යන්න තිබ්බනම් මරු.”

ඔබ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් ඔබට දේශපාලනයට එන්න කියලා ආරාධනා ලැබෙන්නේ නැද්ද ”පහුගිය කාලයේ මට දේශපාලනේට එන්න කියලා හැබැයි ඇත්තම කියනවනම් දේශපාලනය කියන දේ ගැන නම් මට කිසිම තේරුමක් නැහැ. ඒ වගේම මම දේශපාලනේට පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් ඒ නිසා මම ඒ ආරාධනා ඔක්කොම ප්‍රතිෂේප කළා. කිසිම දැනුමක් නැතිව, වැටහීමක් නැතිව දේශපාලනයට එන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. දේශපාලනේට ඇවිත් නාගත්ත නිලියෝ ඕනෑතරම් මම දැකලා තියෙනවා ඉතින් මට ඒ තත්වෙට වැටෙන්න ඕන නෑ.”

අංජලීව මේ කලා ක්ෂේත්‍රයෙන් රතික්ෂේප වුණොත් අංජලී මොකද්ද කරන්නේ. ” එහෙම වුනොත් මම මගේ පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. ඇත්තටම කොහොමත් අපිට කළා ක්ෂේත්‍රය තුළ අපිට රුඳෙන්නත් කාලයක් තියෙනවා. ඉතින් ඒ කාලේ හොඳ නිර්මාණවලට දායක වෙන්න ඕනෙ. මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සකට වැඩියි. හැබැයි මේ වෙනකන් මාව ප්‍රතිෂේප වෙලා නෑ. හැබැයි එහෙම වුනොත් රතික්ෂේප වීම නිහතමානීව බාරගෙන ගෙදරට වෙලා ඉන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *