Sat. May 21st, 2022

අශිකා මතසිංහ කියන්නේ හිත ළඟ හිනහුන දා ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින්ගේ ආදරය වැඩි වශයෙන් දිනාගත්ත චරිතයක්. ඉතින් අපි ඇය ගැන කතා කරන්න එතනින්ම අපේ කතාව පටන් ගත්තා. මේ දින වල වෙනස්ම චරිතයකින් නේද අශිකා ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ, ඔව් සිරස ටීවී නාලිකාවේ නාලිකාවේ විකාශය වන හිත ළඟ නැවතුන දා ටෙලි නාට්‍ය හරහා තමයි මම ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ. මම මීට කලින් රඟපෑවේ ඉතා සියුම් චරිත. ඒ චරිත එක්ක බලද්දි මේ චරිතය හාත්පසින්ම වෙනස්.

කොහොමද ඔබට ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර,ගොඩක් හොද ප්‍රතිචාර මට ලැබෙනවා.මගේ හොඳම යාලුවන්ට වුණත් පුදුමයි මමද ඒ චරිතය රඟපාන්නේ කියලා.මට යුටියුබ් ෆේස්බුක් හරහා ත් ගොඩක් යාලුවෝ කතා කරනවා .මම මට ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඒ ප්‍රතිචාර වලට ප්‍රති උත්තර ලබා දෙනවා.මම කොහොමත් මේ අධ්‍යක්ෂවරයා නිෂ්පාදකයා එක්ක වැඩ කරන්න කැමැති කෙනෙක්.මොකද ඔවුන්ගේ නිර්මාණ අලුත් බවක් ගේනවා .අන්න ඒ නිසා .සමහර විට ඒ නිසාම වෙන්න ඇති රසිකයන්ට මේ හැම චරිතයක්ම ගොඩක් දුරට සමීප වෙනවා.

ඔබ නිරන්තරයෙන් මියුසික් වීඩියෝ වල හිටපු චරිතයක්, දැන් එහෙම දකින්න⁣ නොලැබෙන්න හේතුවක් තියෙනවද, ආරාධනා නම් අඩුවක් නැතුව මට ලැබුණා. හැබැයි කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක මම දෙපාරක් හිතුවා ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න. මොකද මට පොඩි බබාලා ඉන්නවා. මම එයාලාගේ ආරක්ෂාව ගැන හිතන්න ඕන. විශේෂම දේ මට ඉස්සර වගේ දැන් හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්න ඉඩකඩ නැහැ. මට දැන් අවුරුදු තිස් අටක් වෙනවා. ඉතින් නවක පරපුරේ තරුණියන්ට ඉඩකඩ ලබා දෙන්න මම තීරණය කරලා ඉවරයි. ඒ නිසා සමහර නිර්මාණ මම අතාහරිනවා.

විවාහයෙන් පස්සේ රංගනයට එන්න ඔබට සැමියාගෙන් බාධා තිබුණේ නැද්ද, අනේ එහෙම දේවල් සිද්ධ වෙලා.එයා මට මුලින්මත් කිසිම දේකට තහනමක් දාපු කෙනෙක් නෙවෙයි. එයා මගේ රැකියාව සහ මාව තේරුම් ගත්ත කෙනෙක්. මටත් වඩා මේ ක්ෂේත්‍රයේ යාලුවෝ ඉන්නේ එයාට. එයා කොහොමත් කලාවට කෙනෙක් ආස කෙනෙක්. මට බබා ලැබෙන්න ඉද්දි වුණත් එයා මට නිර්මාණ වලට සම්බන්ධ වෙන්න ඉඩ කඩ හදලා දුන්නා.

රහයි ජීවිතයේ චරිතය ගැනත් කතා කලොත්, මගේ සැබෑ ජීවිතයට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි රහයි ජීවිතේ ටෙලි නාට්‍යය මට ලැබිලා තියෙන චරිතය. ඒ මිනෝලි කියන චරිතය. මම ඇත්ත ජීවිතය තුළ කාගෙවත් හිතක් රිද්දන කෙනෙක් නෙවෙයි. හැබැයි මිනෝලි කියන චරිතය හරහා තියෙන්නේ සැමියා පවා රිදවන විදිහට හැසිරෙන්න. මට ලැබිලා තියෙන්න චරිතය ඒ නිසාම මගේ ජීවිතේ ජීවිතය වෙනස් කරපු චරිතයක්. ඇඳුම් පැළඳුම් ගති පැවතුම් හැමදේම වෙනස්. හැබැයි මම ඒ චරිතයට කැමැතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *