Sat. May 21st, 2022

මේ වනවිට ලංකාවේ ඉන්න නැගී එන ජනප්‍රියම රංගන ශිල්පිනිය තමයි හර්ෂි රසාංගා කියන්නේ. කොහොම වුනත් හර්ෂි කියන්නේ ළමා නිලියක් කාලේ ඉඳලම ජනප්‍රිය චරිතයක්. ‘සුජාතා’ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත ඇය මේ වනවිට පුංචි තිරයේ පෙම්වතිය දක්වා දුර ඇවිත්. ඉතින් අපි දැන් කතාකරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හර්ෂි සමග.

හර්ෂි කොහොමද කලාවට සම්බන්ද වෙන්නේ. ”මම පුංචි කාලේ මුලින්ම සම්බන්ද වුනේ වෙළඳ දැන්වීම් වලට, හය වසරේදී තමයි මම මුලින්ම ටෙලිනාට්‍යකට සම්බන්ද වෙන්නේ. ඒ රවින්ද්‍ර විජේරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළ සුජාතා ටෙලි නාට්‍යයට. ඒ නාට්‍යයෙන් මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුනා. ඉතින් ඒ විදියට පටන් අරගෙන ආව ගමනක් තමයි මේ. අවුරුදු දහයක් වගේ කාලයක් ඇතුළත මේ වගේ තැනකට එන්න ලැබීම ඇත්තටම සතුටක්.”

රංගන ශිල්පිනියක ලෙසින් ඉද්දි ප්‍රේක්ෂක ආදරයට වගේම විවේචනවලටත් ඉක්මනින් ලක්වෙන්න වෙනවා නේද ”ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයට අපි ගැන හොයනවා. ඒ උනාට මම මගේ පුද්ගලිකත්වයට ගොඩක් කැමතියි, සමහර අය කරන දේවල් නිසා මට රංගනයෙන් අයින් වෙන්නත් හිතෙනවා. හැබැයි දැන් මට දැනෙනවා අපි ආශ්‍රය කරන සමහර අයට එයාලා හිතපුවත් නැති දේවල් වෙලා තියෙනවා කියලා ඉතින් මට වෙච්ච දේවල් මොනවද කියලා හිතෙනවා. දැන් ඉතින් මම පොඩි පොඩි දේවල්වලට වැටෙන්නේ නැතිව කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා කළත් මගේ ගමන යනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *