‘මට දැන් පෙම්වතෙක් නෑ’ ජනප්‍රිය නිලි රන්දිමා කියන කතාව

සංගීතය ටෙලිනාට්‍යයේ මල්කඩේ රන්දිමා ලෙස කරලියට පැමිණි ඈ නැවතත් පුංචි තිරයට පැමිණෙන්නේ දෙරණ නාලිකාවේම හිතුවක්කාර ටෙලිනාට්‍යයෙන්. නමින් ඈ අවිශ්කා උමයංගි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇයත් සමඟ. ඇය කලා ජිවිතේට පිවිසිම ගැන අප හා කියා සිටියේ මෙහෙම, “ඇත්තටම මම පාසල් කාලේ රංගනයට ආස කෙනෙක් නෙවෙයි. ඒත් 2018 දෙරණ අවුරුදු කුමරිය කිරුළු දැරිමත් එක්ක මම රංගනයට සම්බන්ධ වෙනවා. මුලින්ම සංගිතය නාට්‍යටයට තමා මට සම්බන්ධ ⁣වෙන්න අවස්ථාව හිමි වෙන්නේ”

සංගිතය ටෙලිනාට්‍යයේ ඔබ සම්බන්ධ වුන චරිතයට ලැබුන ප්‍රතිචාර කොහොමද? “ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි මට. මම හිතුවේ නෑ ඒ තරම් ප්‍රතිචාර මට ලැබෙයි කියලා. ගොඩක් අය මට කමෙන්ට් කරන්නෙත් ආ මේ මල්ක⁣ඩේ කෙල්ල නේද කියලා. මම ඇත්තටම රඟපාන්න දන්නේ නෑ. මම අඩුපාඩු හදාගෙන තමා මේ ගමන යන්⁣නේ. මට අතරමඟදි චරිතය අහිමි වෙනවා. ඉතින් දැන්අලුත් චරිතයක් ලැබිලා තියෙනවා. ඉතින් ඉදිරියට හොද වෙනසක් කරන්න මම බලාපොරොත්තු වෙනවා”

දැන් හිතුවක්කාර ටෙලිනාට්‍යයෙන් ලැබුන අත්දැකිම් කොහොමද ? “ඒකනම් විශේෂ රංගන අවස්ථාවක්. කේශාන් අයියා මාලනි ⁣ෆොන්සේකා මහත්මිය සමඟ සම්බන්ධ විමට පුළුවන් විම ගැන මට තියෙන්⁣නේ ලොකුසතුටක්. මොකද මගේ චරිතයට උපරිම සාධාරණත්වය ඉෂ්ඨ කරන්න ලොකුහේතුවක් වුනා ඒක. මාලනි ෆොන්සේකා මහත්මිය කියන්නේ බොහොම නිහතමානි කෙනෙක්. මම අලුත් වුනත් මට කිසි වෙනසක් නෑ. ඉතින් ඒ ගැන මට තියෙන්නේ වචනයෙන් කියන්න බැරි තරම් සතුටක්.”

සිනමාවට ආරාධනා නැද්ද? “ආරාධනාවක් ලැබුනා. හැබැයි මම ඒක භාරගත්තේ නෑ. තව එකක අදින්න තියෙන ඇදුම් නිසාම බෑ කිවා. ඉදිරියේදි හොද නිර්මාණයකට ආරාධනා ලැබුනොත් මම සම්බන්ධ වෙනවා.”

මේ වෙද්දි ඔබ පෙම්වතියක්ද? “දැන්නම් පෙම්වතෙක් නෑ. කලින්නම් ආදර සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි පෞද්ගලික ප්‍රශ්න එක්ක මම ඒ සම්බන්ධතාවය නතර කළා. ඒක එහෙම වුන නිසාම මට අද ම⁣ගේ නිදහස තියෙනවා. කොහොමත් කාගේවත් ළඟ බලෙන් රැඳෙන්න හොඳ නෑ. ප්‍රශ්න එක්ක ජීවත්වෙනවට.

Leave a comment

Your email address will not be published. Required fields are marked *