Sat. May 21st, 2022

නර්මදා යාපා අබේවර්ධන කියන්නේ නිවේදනයෙන් වගේම නිරූපනය හරහාත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් ඒ වගේම ඇය ගීත විෂුවල් හරහාත් හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි. මේ වනවිට hiru copy chat වැඩ සටහන ඉදිරිපත් කරන්නෙත් ඇය විසින් ඉතින් අපි අද කතා කරන්නේ කාගේත් ආකර්ෂණය දිනාගෙන ඉන්න නර්මදා සමග.

නර්මදා කොහොමද මේ දවස්වල ජීවිතේ ” මේ දවස්වල නිවේදනය පැත්තෙන් වැඩ ටිකක් කරගන යනවා, ඒ වගේම දරුවෝ දෙන්නා වෙනුවෙන් කාලය ටිකක් වැඩිපුර කාලය වෙන් කළා අවුරුදු කාලේ නේ එයාලා ආසයි අම්මා එයාලා එක්ක ඉන්නවට, වැඩ වලට ගියාම මට එයාලව ගොඩක් මිස්වෙනවා, ඉතින් මම පුළුවන් හැම වෙලාවේම එයාලා එක්ක ඉන්නවා”

සිංගල් මාම් කෙනෙක් විදියට දරුවෝ දෙන්නෙක් එක්ක ගෙවන ජීවිතේ ලේසි නෑ නේද ”ඔව් ඒක ඇත්ත මේ දවස්වල රටේ තත්වය එක්ක ගොඩක් අමාරුයි, මේක හැමෝටම අමාරු කාලයක්, මගේ දවස පටන්ගන්නේ ළමයි දෙන්නත් එක්ක, ඇත්තටම මම ගත කරන්නේ ගොඩක් බිසී ජීවිතයක්. මොකද බබාලා දෙන්නා බලාගන්න ගොඩක් අමාරුයි. මගේ අක්කායි එයාගේ මහත්තයයි තමයි කිසිම වෙනසක් නැතුව මගේ දරුවෝ දෙන්නව මම නැති වෙලාවට බලාගන්නේ.”

ආයේ විවාහයක් කරගන්න හිතන්නේ නැද්ද ”මම මුලින්ම බැන්දේ අවුරුදු විසි තුනෙන්. ඇත්තම කියනවනම් මම සැමියට ගොඩක් නිදහස දුන්න බිරිඳක්, එයා කවදාවත් හිරකරගෙන ඉන්න ඕන කියලා මම හිතුවේ නෑ, එයා කියලා කොටු කරලා තියාගත්තනම් අද මම ලොකු ගමනක් ගිහින්, මම හිතුවා එයාත් මම වගේ පවුලේ වගකීම් දරන ඉදීවි කියලා, මට එතනදී වැරදුනා. කොහොම වුනත් දැන් මට පිරිමි එපා වෙලා තියෙන්නේ, මම දැන් මගේ ජීවිතේ ඒ පැත්ත ගැන හිතන්නේ නෑ, දැන් මගේ ටාගට් එක ළමයි දෙන්නා හොඳ මිනිස්සු දෙකක් කරන්න, මම ආයේ විවාහයක් කරගනීවි කියලා හිතන්න අමාරුයි බලමු ඉස්සරහට”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *