Sat. May 21st, 2022

මෙම වසරේ derana දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ අනුශූරතාවය දිනා ගත්තේ ඇයයි. ඒ කියන්නේ ඇය ගැන මේ වන විට බොහෝදෙනා කතා කරන්න පටන් අරන්. අපිත් හිතුවා ඇය ගැන කතා කරන්න. ඇය අංජලී මෙත්සරා. මුලින්ම ඇයව ප්‍රේක්ෂකයන් හමුවට රංගන ශිල්පිනියක් විදිහට එන්න පටන් ගත්තේ හෝ ගානා පොකුනේ ඇස අන්ධ උපුලි විදිහට. චිත්‍රපටියට පෙනී හිටින්න කලින් ඇය දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට සහභාගි වෙන්නේ වයස අවුරුදු හතේදී. එහිදී ඇය ජයග්‍රාහණය ලබාගන්නවා. ඇය ඇගේ අතීතය ගැන මතක් කලේ මෙන්න මේ විදියට. “මට වේදිකාව මගේ ජීවිතේ වෙන්නේ මට පුංචි වයස දිමයි. මම වයස අවුරුදු හතේදී තමයි අම්මත් එක්ක දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට සහභාගි වෙන්නේ. මුලින්ම මම එහි තරඟයේ දී කීවේ බංගලි වළලු ගෙන එන්නයි සින්දුව. එදා විනිශ්ච මණ්ඩලය කිව්වා මම දක්ෂ ගායිකාවක් වෙයි කියලා. අවුරුදු එකොළහක් විතර නිහඬව ඉඳලා මගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දීලා ඉද්දි තමයි මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයට අයැදුම් කරන්නේ.”

ඔබේ මුල්ම රංගනය ගැන මතක් කළොත්, ”2012 වර්ෂයේ දී තමයි මට අහම්බෙන් රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ හෝ ගානා පොකුණේ ඇස් නොපෙනෙන උපුල්ගේ චරිතය හරහා. 2015 මේ චිත්‍රපටය තිරගත වෙද්දි සම්මාන කීපයක් ලබා ගන්නත් පුළුවන් වුණා. මට නිර්මාණ කීපයකටම ආරාධනා ද ලැබුණා. හැබැයි මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක මට ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න බැරි වුණා. අනාගතයේදී රඟපාන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ කියන්නේ මම ගායනයෙන් වගේම රංගනයෙනුත් ඉස්සරහට ගිහිල්ලා හොඳ නිළියක් වෙන්න බලාපොරොත්තු වෙනවා.”

තරඟය වෙනුවෙන් කරපු කැපකිරීම් කොහොමද, ”මම මාස තුනක් විතර ගෙදර ගියේ නැහැ පුහුණුවීම් කටයුතු නිසා. මොන දේ වුණත් මට සතුටුයි අද මම ඉන්න තැන ගැන. ගොඩක් කැප කිරීම කරලා තමයි මම මේ තරගය තුළ රැඳී සිටියේ. දෙරණ අපි වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරා. සජීවී ගීත ගායනා වල දී හිතට ලොකු බයක් දැනුනත් ඒ බය අපේ ආදරණීය විනිශ්ච මණ්ඩලය නිසාම නැතිවෙලා යනවා. ජය පැරදුම කොහොම කොහොම වුනත් සතුටින් ඒ හැමදේම භාර ගන්නවා.”මට නිලියක් වෙන්න ආසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *