මට දැන් කොල්ලෝ හතරයි එක කෙල්ලයි ඉන්නවා – කලාවට සමුදුන් ජනප්‍රිය නළු ශෂී විජේන්ද්‍ර

ලාංකේය සිනමා ලෝකය මේ තරම් දුරට අරගෙන එන්න මුලික අඩිතාලම වැටුන ජනප්‍රිය සිනමා පට කිහිපයක් තමයි ‘චෙරියෝ ඩොක්ටර්’ ‘තහනම් ගහ’ ‘සුන්දරයි ආදරේ’ ‘ඉර හඳ ඉල්ලා’ ‘ඔබටයි මේ ආරාධනා’ කියන්නේ ඉතින් මේ සිනමාපට ගැන මතක් කරද්දී ඉබේටම මතක් වෙන රංගන ශිල්පියෙක් ඉන්නවා ඒ තමයි කාලයක් රිදී තිරය හරහා තරුණියන් රැසකගේ ආදරණීය සිහින කුමාරයා වුන ජනප්‍රිය නළු ශෂී විජේන්ද්‍ර. ඉතින් මේ වනවිට සියලුම කළා කටයුතු වලට සමුදීලා සුන්දර පවුල් ජීවිතයක් ගත කරන ශෂී විජේන්ද්‍ර සමගයි අපේ අද කතාබහ,

කාලයක් ලංකාවේ අංක එකේ නළුවෙක් වෙලා ඉඳලා ඇයි එකපාරම රංගනයෙන් ඉවත් වුනේ, ”මෙහෙමයි කාලයක් යද්දී ඒ කියන්නේ ජීවිතේ එක සන්දියකට ආවට පස්සේ මට තේරුනා මනුස්සයෙක් උනාම ඒ ඒ සංදී වලදී වෙනස්කම් වුනේ නැත්තන් හරි මනුස්සයෙක් වෙන්න බෑ කියලා, අපි වයස විස්සේදී කරන වැඩ අවුරුදු තිහක් උනාම කරන්න බෑ නේ තිහේදී කරන වැඩ හතළිහක් උනාම කරන්න බෑ, ඉතින් අපි ඒ වගේ වෙනස් වුනේ නැත්තන් මනුස්සයෙක් විදියට ඒ කෙනාගෙන් වැඩක් නැතිවෙනවා, ඉතින් ඒ නිසා මම මේ ක්ෂේත්‍රයෙන් අයින්වෙන්න තීරණය කළා”

ශෂී විවාහය ගැන වගේම දරුවන් ගැනත් කියන්නකෝ බලන්න ”මම විවාහ වුනේ 1996 වසරේදී, ඒ ශහීනා එක්ක ඇත්තටම ඇය මගේ රසිකාවියක්, අපි දවසක් මීට් වුනා, ඒ වෙලාවේම මට ඇයව හිතට ඇල්ලුවා, ඉතින් අපි කාලයක් කතාබහ කළා, ඒ අතරේ මම එයාගෙන් විවාහ වෙමුද ඇහුවා, ශහීනා කිවුවා එයාට ටික කාලයක් දෙන්න කියලා ඉතින් මම බලාගෙන හිටියා, පස්සේ එයා මට කතාකරලා කිවුවා මම සූදානම් අපි බඳිමු කියලා, දැන් මට දුවලා එක්කෙනයි කොල්ලෝ හතක ඉන්නවා, ඔක්කොම ළමයි පස්දෙනයි”

ආයෙත් කලාවට සම්බන්ද වෙන්න අදහසක් නැද්ද…? ”කලාව තුල තියෙන සුන්දර කම මම දැක්කේ මීට අවුරුදු ගණනාවකට කලින් දැන් මට ආයේ කලාවට සම්බන්ද වෙන්න හිතන්න බෑ, ඒ වගේම මට ඒවාට සම්බන්ද වෙන්න අතුරු ප්‍රශ්නත් තියෙනවා, අපි කලින් මොන විදියට ජීවත් වුනත් ජීවිතේ අග භාගයේදී විශේෂයෙන්ම දරුවන් ලැබුනම ඒ දරුවන්ට ආදර්ශමත් විදියට ජීවත් වෙන්න ඕන, ඒ නිසා කලාවට මගේ හිතේ ඉඩක් නෑ, මම දැන් පොඩි ව්‍යාපාරයක් කරගෙන දරුවන්ට ආදර්ශමත් විදියට ඉන්නවා”

Related Posts

Leave a Reply

Your email address will not be published.