‘දැන් බඳින්න කාලේ හරි’ රෝස මලක් වගේ හැඩකාර ශලනි තාරකා කියන කතාව

ඇය මේ වන විට වන විට ලංකාවම දන්න දක්ෂ රංගන ශිල්පිනියක්. වසර 24කට පසුව හොඳම නිළිය සහ දක්ෂතම නිළිය යන සම්මාන සම්මාන ද්විත්වයම හිමි කරගන්න ඇය සමත් වෙනවා. ඇය නමින් ශලනි තාරකා. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඇය ගැනයි. සිරස නාලිකාවේ විකාශය වෙන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය නිසාම ශලිනි මේ දිනවල ජනප්‍රිය චරිතයක්. ඊට අමතරව ස්වර්ණවාහිනී නාලිකාවේ චලෝ ටෙලි නාට්‍යයෙන් ද ඇයව හමු වෙනවා.

ශලිනි ඇත්තටම චරිත තෝරා බේරා ගැනීමකින්ද නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ, ”මම මට ලැබෙන හැම නිර්මාණයක් ම බාර ගන්න කෙනෙක් නෙවෙයි. වෙලාව තියෙන විදියට තමයි මම නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. මට ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ මගේ හැකියාව සහ මගේ දක්ෂතාවය මත. ඇත්තටම සමහර නිෂ්පාදන අධ්‍යක්ෂකවරු මම ගැන ලොකු විශ්වාසයක් තියල තමයි නිර්මාණයකට මට ආරාධනා කරන්නේ. අනිත් දේ තමයි මම එකවගේ චරිත බාර ගන්න කැමැති කෙනෙක් නෙවෙයි. කොහොම වුණත් නිර්මාණ වලට මගේ දායකත්වය දීමේදී මම චරිත ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. ඒ නිසාම වෙන්නැති ඇත්තටම මම චරිත තෝරා බේරා ගැනීමකින් තමයි නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ.”

අලුතෙන් කලාවට බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔබත් අලුත් පරම්පරාව එක්ක නිර්මාණවලට සම්බන්ධ වෙද්දි කොහොමද ඔවුන් ගැන හිතෙන්නේ, ”මම සම්බන්ධ වෙන ගොඩක් නිර්මාණ වල අය අලුත් අය තමයි. හැබැයි ඒ අය අලුත් අය වගේ නෙමෙයි රංගනය ගැන හොද දැනුමක් තියෙන විදිහට තමයි නිර්මාණ වලට ඔවුන්ගේ දායකත්වය දෙන්නේ. මම රඟපාන චලෝ ටෙලි නාට්‍යය ගොඩක් අය නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන්. ඔවුන් ජනප්‍රියත්වය පස්සේ දුවන අය නම් නෙවෙයි. සමහරු ළඟට ඇවිත් අහනවා කොහොමද මේක කරන්නේ කියලා. එහෙම බලද්දී ඇත්තටම නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ගොඩක් කැපවීමෙන් නිර්මාණවලට දායකත්වය දෙනවා.පිටපත කටපාඩම් කරලා කැමරාව ඉස්සරහ දෙබස කියන එක නෙමෙයි රංගනය කියන දේ ඔවුන් තේරුම් අරගෙන ඉන්නේ.”

ශලනි ආදරේ ගැන හිතන්නේ කොහොමද, ”මම හිතන්නේ ආදරය කියන්නේ අවංක හැඟීමක්. එක්තරා විදිහක ලොකු කැප කිරීමක් සහ පරිත්‍යාගයක්. ඇත්තටම මට නම් ආදරේ ගැන හිතන්න වෙලාවක් නැහැ. හැබැයි දෙන්නෙක් තේරුම් අරගෙන දෙන්නට දෙන්නා උදව් කරගෙන ජීවිතයේ ඉස්සරහට යනවා නම් එතන ආදරේ පවතිනවා. ආදරය කියන දේ වචනයකට සීමා කළාට තේරුමක් වෙන්නේ නැහැ.මොකද අවංකවම දෙන්නෙකුට දෙන්නෙක් කැපවීමෙන් ඉන්න ඕනෙ. දෙන්නට දෙන්නා අවංක විය යුතුයි.”

ඒ කියන්නේ ශලනි විවාහය ගැන තවම හිතලා නැද්ද, ”දැන් නම් විවාහ වෙන්නත් කාලය හරි. හැබැයි මම වයසට යනවා නේද කියලා හිතලා කවදාවත් විවාහ වෙන්නේ නැහැ. මාව තේරුම් ගත්ත මට ආදරේ කරන කෙනෙක් ලැබුණු දවසට මම ආදරේ කරනවා. මට ඕනේ මාත් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. කසාද බැඳලා ඩිවෝස් වෙන්න මම කොහොමත් කැමති නැහැ. මට ගැලපෙන කෙනෙක් හමු වුණොත් මම විවාහ වෙයි නැත්නම් මම හැමදාම තනියම ජීවත් වෙයි. ඒ ගැන මම ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි.”

ඔබ රංගනයෙන් සමුගන්නවා කියලා ගියපු කටකතා ගැන මොකද කියන්නේ, ”මම කොතනකවත් කියලා නෑ මම රංගනයෙන් සමුගන්නවා කියලා. මට කොවිඩ් හැදුන කාලේ මම නිර්මාණවලින් ටිකක් ඈත් වුණා විතරයි. සමහරු මට කෝල් කරල ඇහුවා ඇයි රංගනයෙන් සමුගන්න කියලා. ඒ හැමදේම කට කතාවක් විතරයි සමාජ මාධ්‍ය වලින් එළියට ආව.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *