‘මට තාම පෙම්වතියක් නෑ’ සිරස වොයිස් ටීන් දිනූ හරිත් විජේරත්න කියන කතාව

රියලිටි කලාවේ නිර්මාතෘ සිරස ටීවී කිව්වොත් හරි. මෑත කාලයේ නිමා වු සිරස වොයිස් ශ්‍රි ලංකා කියන්නේ ජාත්‍යන්තරය පවා කතා වේන වැඩසටහනක්. ද වොයිස් තරඟයේ කිරුළ දිනාගන්න සමත් වුනේ වෛද්‍ය ශිෂ්‍ය හරිත් විජේරත්න. ජාත්‍යන්තරය පවා විස්මයට පත් කරමින් ප්‍රේකෂක ආදරය වැඩිපුර දිනාගත් හරිත් සමඟ කතා කරන්නයි අද අපේ සුදානම.

පුංචි කාලේ ඉඳන් ඔබ සංගීතයට කැමති කෙනෙක්ද, පාසල් යන කාලේ නම් මම 3 වසරෙදි තමා කලාවට ගොඩක් නැඹුරු වෙන්න පටන් ගත්තේ. තුන වසරෙදි තමයි මම මුලින්ම ගීතයක් ගායනා කරන්න පටන් ගත්තේ. පුංචි කාලේ නම් මම කැමැති වුණේ ඉංජිනේරු වෘත්තයට පිවිසෙන්න. හැබැයි ඕලෙවල් කරන කාලෙදි මට හිතුනා වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා. මගේ අම්මා තාත්තා කවදාවත් මට බල කරේ නෑ මේ ක්ෂේත්‍රයට යන්න කියලා. ඒ නිසාම මමත් මමත් උසස් පෙළට ජීව විද්‍යා අංශය තෝරාගත්තා. මගේ අම්මා තාත්තා හැම වෙලාවෙම කිව්වේ මොනා විෂයකින් ගියත් ඉහළටම යන්න කියලා.

ද වොයිස් තරඟයට ඔබසහභාගි වෙන්නෙ කොහොමද, ”මාව උනන්දු කළේ මගේ බැජ් එකේ යාළුවෝ ටික දෙනෙක්. මගේ හොදම යාළුවා මට කිවා ද වොයිස් ඇවිත් තියෙනවා ඇප්ලයි කරලා බලන්න කියලා. ඉතින් එයාලාගේ උනන්දුව නිසාම මම ඇප්ලයි කරලා බැලුවා මේ තරඟයට. ”

ඔබ තරගය ජයග්‍රහණය කරයි කියල හිතුවා ද ? ”මේක ජාත්‍යන්තර තලයේ තරඟයක් නිසා ම⁣ගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතුවා මම. හැබැයි තරඟයේ ටිකෙන් ටික ඉස්සරහට යද්දි අම්මා තාත්තා වුනත් කිවේ වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා කියලා. හැබැයි මම උපරිම දිනන්න උත්සහ කරා. කරන්න පුළුවන් හැමදේම කැපවීමෙන් කරා. අන්තිම හතර දෙනාට තේරුනාට පස්සෙ මට ජයග්‍රහණය නොකලත් කමක් නැහැයි කියලා ම⁣ගේ පුහුණු ගුරුතුමිය කිව්වා. අවසන් තරඟයේ උමාරියා මිස් එක්ක ගීත ගායනා කරන්න ලැබීමම මම ලබපු භාග්‍යයක්. කොහොමත් අපි හතර දෙනාගෙන් කවුරු ජයග්‍රහණයක් කලත් කමක් නැහැ කියන මතයේ තමයි මම හිටියේ.”

කොහොමද ආදරය ගැන හිතෙන්නේ, ”අම්මා තාත්තාගේ ආදරය එක්ක ජීවත් වෙනවා ඇරෙන්න ලොකුවට වෙන ආදරයක් ගැන හිතන්නේ නැහැ. ජීවිතං අනියතං මරණං නියතං කියලා ජීවත් වෙනවා ඉතින්. නම් මට කෙල්ලෙක් නැහැ ඉදිරියට බලමු ඉතින්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *