‘මට තාම කොල්ලෙක් නෑ අනේ’ කොල්ලන්ගේ සිහින කුමරිය සංජානා කියන කතාව

2019 දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් තුන්වන ස්ථානය දිනාගෙන කලාවට පිවිසෙන ඇය නවක යොවුන් පරපුරේ රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නේ හිරු නාළිකාවේ විකාශය වෙන දිවි තුරා ටෙලිනාට්‍ය නිසා. අනේ නමින් සංජානා ගමආරච්චි. ඉතින් මේ සූදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්නයි.

දිවිතුරා ටෙලි නාට්‍යයේ ටිනාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද, ”මම මෙච්චර කාලේකට රඟපාපු වෙනස්ම චරිතයක් තමයි ටිනාකියන්නේ. දඟකාර, විසේකාරචරිතයක් නිසාම ප්‍රේක්ෂකයින්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ ටිනා කියන චරිතය ප්‍රේක්ෂකයින් සතුටු කරන චරිතයක්. මුල්ම කොටස් විකාශය වෙද්දී ටිනා ගැන කවුරුත් කතා කළේ නැහැ. හැබැයි කොටස් හතර පහ විකාශය වෙද්දී ටීනා ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතාම කෙටි කාලයක් තුළ නොහිතපු විදිහට මට ප්‍රතිචාර ලැබෙන්න ගත්තා මේ චරිතයට. ඒ ගැන ගොඩක් සතුටුයි.අද කතාව පුරාවට හැමෝම කතා කරන චරිතයක් වෙන්න මට පුළුවන් වුණා.ටිනා කියන්නේ මගේ සැබෑ ජීවිතයට ටිකක් සමීප චරිතයක්.”

ඔබ චරිත තෝරා ගැනීම සිදු කරන්නේ කොහොමද, ”අද වෙනකම් මම සම්බන්ධ වුන හැම චරිතයක්ම මට ගැළපෙන විදියට ලැබුණු චරිත. ඒ නිසාම මට මේ වෙනකල් ලැබුණ ආරාධනා මම බාර ගත්තා. මට ප්‍රතික්ෂේප කරන්න පිටපතක් වගේම චරිතයක් මේ වෙනකල් ලැබිලා නැහැ. කොහොම වුණත් පිටපත බලලා මට ඒ චරිතයට සාධාරණත්වය ඉෂ්ට කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මම ඒ චරිතය බාර ගන්නවා. ඉදිරියේදී වෙනස් වූ චරිත බාර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අහිංසක නපුරු හැම චරිතයකටම සම්බන්ධ වෙන්න මම බලාපොරොත්තු වෙනවා.”

ආදරය ගැන කතා කරද්දී ඔබත් සංගීත් ගැන යන කටකතා ගැන මොකද හිතන්නේ, ”කටකතා ගියාට මමයි සංගීත් අයියායි අතර කිසිම ප්‍රේම සම්බන්ධයක් නැහැ. අපි දෙන්නා අතරේ තියෙන්නෙ හොඳ යාළුකමක් විතරයි. ටික කාලයකින් ඔය ගොසිප් හදන අයට එතකොට තේරුම් යයි අපි දෙන්න අතරේ තිබුනේ යාළුකමක් විතරයි කියලා.”

සංජානා විවාහ වෙන්න කැමැති කොයි වගේ කෙනෙක් එක්ක ද, ”මම ක්ෂේත්‍රයේ කෙනෙක් එක්කනම් විවාහ වෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් ළඟදි විවාහ වෙන්න බලාපොරොත්තුවකුත් මට නැහැ. මේ වෙද්දි මට ආදර සම්බන්ධතාවයකුත් නෑ. තව ටික කාලයක් තනියම ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මම විවාහ වුන දවසක මගේ ජීවිතයේ අංක එක කරගන්නේ මගේ පවුල් ජීවිතය.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *