‘මට තවත් පිරිමි ඕන නෑ මේ ඉන්න විදිය සැපයි’ ජනප්‍රිය නිලි නර්මදා කියන කතාව

නර්මදා යාපා අබේවර්ධන නිවේදිකාවක් නිරූපණයෙන් වගේම රුවින්ද සුන්දර කාන්තාවක් ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය ගැනයි. නර්මදා කියන්නේ ආදරණිය මවක්. පුතුන් දෙදෙනෙකුගේ මවක් විම ලේසි පහසු දෙයක් නෙවෙයි නේද “මම මගේ දවස පටන් ගන්නේ මගේ දරුවෝ දෙන්නා එක්ක. ඉතින් උදේ ඉදන් එයාලාගේ වැඩම තමයි. කවනවා, පොවනවා, එයාලා පිරිසිදු කරනවා. ම⁣ගේ කාර්ය බහුල ජිවිතේ එක්ක ⁣එයාලා බලාගන්න එක ලේසි පහසු දෙයක් නෙවෙයි. මගේ අක්කායි මහත්තයයි තමා මම නැති දවසට මගේ පැටව් දෙන්න බලාගන්නේ”

තනිවුන ගැහැණිය අසරණයි කියලා කතාවක් අපේ සමාජයේ තියෙනවා ඇත්තද ඒක? “කවුද එහෙම කියන්නේ මම එහෙම හිතන්නේ නෑ කවදාවත්. මොන ගැහැණිය වුනත් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනි. තමන්ටම කියලා හරි සථාවරත්වයක් තියෙන්න ඕනි. මම හිතන්නේ නෑ එහෙම වුනහම කාටවත් ඔළුව පාත් කරගෙන ජිවත් වෙන්න ඕනි කියලා”

ඔබට නැවත පිරිමියෙක් ජිවිතයට සුදුසුයි කියලා දැනුනොත්, ”මම හිතන්නේ නෑ මට එහෙම දැනෙයි කියලා. මොකද ඇත්තටම මට දැන් පිරිමි ඇති වෙලා තියෙන්නේ. මම ගොඩක් වෙලාවට ඔවුන්ගේ ජිවිත තුළ රැදෙන්න උත්සහ කලා. හැබැයි මට තවත් කසාදයක් කියක එක හරි අමාරුයි. බලමු කාලයත් එක්ක ඒ දේවල් වෙනස් වෙයිද නැද්ද කියලා. හැබැයි මම විශේෂයි කියලා ඒ දේවල් හිතන්නේ නෑ.”

සමාජයෙන් එල්ල වෙන අපවාද ගැන මොකද හිතෙන්නේ? “විවේචන කියන දේවල් ගැන හිතන කෙනෙක් නෙවෙයි මම. කවුරු මොනා කිවත් මම ජිවත් වෙන්නේ මට ඕන විදිහට. මම ම⁣ගේ දරුවන්ට හම්බකරලා කන්න දෙන්නේ මගේ මහන්සියෙන්. සමාජයේ කතා අහන්න ගියොත් මට මගේ දරුවෝ දෙන්නත් මඟ හැරෙන්න පුළුවන්. මිනිස්සු මට ගරහයි පිරිමියා දාලා ගිය ගැහැනිය කියලා. හැබැයිමම හොයන්නේ මගේ මානසික සතුට කියන දේ විතරයි.”

දරුවන්ට බලපෑමක් නැද්ද දෙමාපියන්ගේ ප්‍රශ්න ? “නෑ කවදාවත් නෑ. ලංකාවේ විතරයි ඔය වගේ මත තියෙන්නේ. පිටරට වල කොච්චර මව්වරු ඉන්නවද තනියම ජිවත් වෙන දරුවෝඑක්ක. මම කවදාවත් ⁣ම⁣ගේ දරුවෝ දෙන්නා අසාධාරණයක් කරලා නෑ. තාත්තා කෙනෙක් ඉන්න එක වටිනවා. හැබැයි මම තනියම මගේ දරුවන්ගේ හැම වගකිමක්ම ගන්නවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *