‘මට ගොඩක් ඉන්නේ කොල්ලෝ යාළුවො’ ජනප්‍රිය නිලි පූජානි කියන කතාව

හිරු ටිවි ඉරුදේව ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය නමින් පූජනි භාග්‍යා. ඇය ඉතා සංවේදි චරිතයක් කියන්න ඇය හොඳින් හඳුනන හැමෝම දන්නවා. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ තාරුණ්‍යයේ නවක රංගන ශිල්පිනි ඇය ගැනයි. ඇය කාලයක් ප්‍රසිද්ධ වුයේ කන්නගී ලෙසයි. එයට හේතුව කන්නගි ගීත⁣යට ඇය සම්බන්ධ විමත් එක්ක.

රංගනය කියන්නේ ඔබේ වෘත්තියද? “මුලදිනම් මම රංගනය මගේ වෘත්තිය විදිහට තෝරගත්තේ නෑ. මොකද මගේ විනෝදාංශය වුනේ රංගනය. හැබැයි 2018 අවුරුදු කුමරිය ලෙස තේරිමත් එක්ක මගේ ජිවිතේ ගොඩක් දේවල් වෙනස් වුනා. නිරූපණය කියන දේට සම්බන්ධ වෙලා මනාලියක් ලෙසට හැඩ වුනා. මේ මොන දේ කළත් මගේ එකම බලාපොරොත්තු මේ කිසි දෙයක් නෙවෙයි. මම පාසල් කාලයේ ඉදන් ක්‍රිඩාවට ආසයි. ඒ නිසා මම ආස දැල් පන්දු පුහුණු කාරිනියක් සහා විනිසුරුවරියක් වෙන්න. ඒ සඳහා මේ දිනවල මම පුහුණු වෙනවා.”

එතකොට රංගනය කියන්නේ විනෝදාංශයට කරන දෙයක්ද? “රංගනය රාජකාරියක් විදිහට කරන්න මට ඕනි වුනේ නෑ. මොකද ඒක රාජකාරියක් විදිහට කරන්න අමාරුයි. මම රංගනයට ආවේ තාත්තාගේ අවසරය බොහොම අමාරුවෙන් ලබාගෙන. මට ඕනි වුනේ මගේ දක්ෂතාවය පෙන්වන්න. අපිට රූපය කියන දේ වුනත් තාවකාලික වෙද්දි මේ කාලය තුළ ප්‍රයෝජනවත් විදිහට ගත කරන්න.”

ඔබ දඟකාර කටකාර චරිතයක්ද? “මම පාසල් ගියේ මිශ්‍ර පාසලකට. මට වැඩිපුරම හිටියේ පිරිම යාළුවෝ. ඉතින් මම දඟකාර විසේකාර චරිතයක්. ඒක වැරදි විදිහට නෙවෙයි තරුණකමත් එක්ක. කොහොම වුනත් ඉස්සරනම් මම ගොඩක් දඟයි හැමෝම අදටත් කතාවෙනවා මම ඒ කාලේ කරපු දඟ වැඩ ගැන”

ඔබට නිශ්චිත අරමුණක් තියෙනවද? ”ඔව් මම ආස මගේම ව්‍යාපාරයක් කරන්න. ඒක අනාගතයේදි සිදු වේවි. තව මම ආසයි ජාත්‍යන්තර රූ රැජින තරඟයට ඉදිරිපත් වෙලා රටට කිර්තියක් ගෙනත් දෙන්න. හැබැයි නිරූපිකාවක් විදිහට මම කටයුතු කරන්නේ යම් යම් සිමා ඇතුලේ. මොකද තාත්තා මට නිති ගොඩක් දාලා තියෙන්නේ. මම ඒ නිති කඩන්නේ නෑ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *