මට ගොඩක් ආදරෙයි, මාව බලාගන්නේ බබෙක් බලාගන්නවා වගේ – ෂයිනි රෝචනා

දඟකාර කටකාර වගේම හැඩකාර රංගන ශිල්පිනියක් තමයි ෂයිනි රෝචනා නෙත්මි කුමාර කියන්නේ, කොච්චර කටකාර වුනත් ඇයගේ ලගන්නාසුලු කතා විලාශය නිසා හැමෝම ඇයට ගොඩක් ආදරෙයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ සංගීතේ ටෙලිනාට්‍යයේ සකුණි කියන චරිතය හරහා ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත්ත ෂයිනි රෝචනා සමගයි, ෂයිනි කොහොමද රංගනයට සම්බන්ද වුනේ, ”මම මුලින්ම කලාවට සම්බන්ද වෙන්නේ සිරස නාලිකාවේ විකාශනය වුන පුංචි පැංචි වැඩසටහන හරහා, ඊටපස්සේ මට සුජාතා කියන ළමා ටෙලිනාට්‍යයේ මලිති කියන චරිතයට පනපෙව්වා,

ඒ වගේම දඟ මල්ල වේදිකා නාට්‍යටත් සම්බන්ද වුනා, කොහොම වනත් ඊටපස්සේ මට ටික කාලයකට රංගනයෙන් ඈත් වෙන්න වුනා මොකද මට උසස්පෙළ කරන්න තිබ්බා උසස්පෙළ කලාට පස්සේ තමයි මම ආයේ කලාවට සම්බන්ද වෙලා මොහාන් නිසාස්ගේ ශ්‍රී වික්‍රම රාජසිංහ සිනමාපටයට සම්බන්ද වුනේ ඒක තමයි මගේ පලවෙනි සිනමා අත්දැකීම”

පාසල් කාලය කොහොමද ඔයාගේ ”මගේ පාසල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය. ඇත්තම කියනවනම් මම නිලියක් වීමේ මූලික අඩිතාලම තමයි මගේ පාසල, මොකද පාසල් වේදිකාව තමයි මගේ රංගන ජීවිතයට පාර හදලා දුන්නේ, මම සමස්තලංකා තරඟවලදී හොඳම නිළිය වගේම හොඳම සහය නිළිය සම්මානත් දිනාගෙන තියෙනවා, පාසල් වේදිකාවෙන් ඒ ලැබුන අත්දැකීම් මට ලොකු පන්නරයක් වුනා,

ඔයා දැන් ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් ආදරයෝජනා එහෙම ගොඩක් එනවා ඇති නේද..? ”ඔව්, ප්‍රේක්ෂකයන්ගේනුත් ආදර යෝජනා ගොඩක් එනවා, ක්‍ෂේත්‍රයේ ගොඩක් අය මට නංගි කෙනෙකුට වගේ ආදරෙයි, ඒ හැමෝම බබෙක් බලාගන්නවා වගෙයි මාව බලාගන්නේ, මට තාම ආදරය ගැන අත්දැකීම් නම් නෑ, හැබැයි ආදරේ කියන්නේ සුන්දර හැඟීමක් කියලා මම දන්නවා, මට තවම පෙම්වතෙක් නෑ, ඉතින් ගැලපෙන කෙනෙක් ලැබෙනකන් මම බලාගෙන ඉන්නවා, හැබැයි කළා ක්‍ෂේත්‍රයේ කෙනෙක්ටනම් මම කැමති වෙන්නේ නෑ. හදවත ලස්සන කෙනෙක් තමයි මම හොයන්නේ”

Related Posts

Leave a Reply

Your email address will not be published.