Fri. Jan 28th, 2022

නුවන්දිකා සේනාරත්න කියන්නේ තරුණ ගායන ශිල්පිනියක්. මේ සූදානම ඇයි ගැන කතා කරන්න. නුවන්දිකා කියන්නේ රියලිටි තරඟාවලිය කින් අනුශූරතාවය දිනා ගත්ත දක්ෂ ගායිකාවක්. ඉතින් එදා ඒ ලැබුණ ආදරය අදටත් ප්‍රේක්ෂකයින්ගෙන් ඔබට ලැබෙනවා ද, ”ඔව්. ඩ්‍රීම් ස්ටාර් හරහා මා වටා ලොකු ප්‍රේක්ෂක ජනතාවක් එකතු වුණා. අදටත් එයාලා මාත් එක්ක ඉන්නවා. පෞද්ගලිකව මම දන්න අදුරන අය වගේම මම නොදැන මාව අඳුරගන්න කතා කරන අය ඉන්නවා. සමහරු සමාජ ජාලා ඔස්සේ මට ප්‍රතිචාර දක්වනවා. ඉතින් ඒ ආදරය වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ.”

රඟපාන්න කැමැති නැද්ද, ”රංගනයට ආරාධනා කිහිපයක්ම මට මේ වෙද්දි ලැබිලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය කියනවා රඟපාන්න එන්න කියලා හැබැයි මම කැමැති නෑ රංගනයට සම්බන්ධ වෙන්න. මම කැමතියි දිගටම ගායන අංශයෙන් ඉදිරියට යන්න. ගායනයට කැමති නිසාම වෙන්නැති මම රංගනයට ලොකු කැමැත්තක් දැක්වූයේ නැහැ. බලමු ඉදිරියට ඒ ගැන හිතලා.”

මේ වෙද්දි ප්‍රසංග වේදිකා වල වැඩ කටයුතු කොහොමද, ”රටේ පවතින තත්ත්වයත් එක්ක ප්‍රසංග වේදිකාවලට වලට නම් ලොකු ඉඩකඩක් නැහැ. මේ වෙද්දි මට විදෙස් ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. පලමුව ආරක්ෂාව ගැන හිතලා තමා මම දැනට නිර්මාණවලට ආරාධනා භාරගන්නේ.”

දිගටම සංගීත ක්ෂේත්‍රය තුළ රැදෙන්නද කල්පනාව, ”කොහොමත් මම සංගිතය ගැන ඉගෙනගන්න කැමති කෙනෙක්. මේ වෙද්දි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මම උපාධිය අවසන් කරලා තියෙනවා. කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු පටන් අරගෙන තියෙනවා, මමත් යම් ක්ෂේත්‍රයක ඉදිරියට යන්න ඉගෙන ගන්නවා. මොකද ඉගෙන ගන්නේ නැතුව අපිට කිසිම ක්ෂේත්‍රයක ඉස්සරහට යන්න බෑ.”

මලින් උපන් සමනලි ගිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ”රවින් අයියා එක්ක තමයි ⁣මම මේ ගිතය ගායනා කරන්නේ. ගොඩක් හොද ප්‍රතිචාර ඒ ගිතයට ලැබුනා. අදටත් ලැබෙනවා. මට ගොඩක් සතුටුයි ඉතින් ඒ ගැන.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *